අඹුසැමි යුවළක් ඇතුලු හත්දෙනෙකු වැල්ලවායට අයිස් බෙදලා!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW :

වැල්ලවාය පොලිසිය කළ වැටලිමකදී, කොළඹ සිට වැල්ලවායට අයිස් මත්ද්‍රව්‍ය ගෙනැවිත් බෙදා හැරි බව කියන අඹුසැමි යුවළක් ඇතුලු හත්දෙනෙකු මත්ද්‍රව්‍ය ද සමග අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

පොලිසිය පවසන්නේ, ඔවුන් කලක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරගෙන ගොස් ඇති බවයි.

සැකකරුවන් ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23ක් සිය භාරයට ගත් බව ද පොලිසිය පවසයි.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.