ක්‍රීඩාවට සංවේදී ද?

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 29,  කොළඹ LNW:

තවමත් දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියෙ රථ පෙරහැරවල් දකින්න පුළුවන්.මේවා දැකලා ලියලා ගෙවුණු ඉතිහාසය හරිම අපූරුයි.ඒත් ඒවා මතක නැහැ.දැන් සාෆියා වටා රැස්වන සමාජය,ඉහළ ඉදලා පහළට ඇයව වට කරගෙන පොටෝ ගන්න මිනිස්සු මිට ටික කාලෙකට ඉස්සෙල්ලා වාහන පෝලිම් ගැස්සුව,පොටෝ ගත්ත අය දිහා බලන්නෙත් නැහැ.සෆියා සහය දිවීමටවත් නැති වුණාම ඒ ගැන කතා කරන්න සැනගෙන හිටියෙ නැති අය අද ඇය එක රැයකින් වීරවරියක් කරලා.සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් පහළ වූ මුස්ලිම් කෙල්ල වෙලා.


මේ විදිහට ඇයව විවිධ අයගේ උවමනාවන් සහ අදහස්වල ප්‍රතිබමිබයක් විදිහට ඇය සමාජය තුළ භාවිතා වෙන බව ඉක්මණින් තේරුම් ගන්න සෆියා,ඒ නිසාම ඊයෙ එයාගෙ ගමේ ජාතික සමඟිය ගැන ආගමික සහජීවනය ගැන කියලා බෙදන්න එයාව එක එක කුලකවලට ඇතුල් කරන්න එපා කියලා ආදරණීය ඉල්ලීමක් කරනවා.ඇය දුවන කොට හිටිය කෙල්ලට වඩා මේ දවස් ටිකෙන් සමාජ මාධ්‍ය සහ ඇතැම් විට මාධ්‍ය මඟින් ඇය වෙනුවෙන් ඇති කළ ප්‍රතිරූපය ගැන හිතලා සහ ඒ ඇය නොවන වෙන පිරිසකගේ නිර්මාණයක් වෙමින් තිබෙන බව දැන අවබෝධ කරගෙන තිබෙන බව දැනෙන්න අරගෙන වගෙයි කියලත් මට හිතුණා.


මේ රටේ මැරතන් ක්‍රීඩාවට ජාත්‍යන්තර පදක්කම් ගෙනත් දුන්න අනුරාධි වැනි ක්‍රීඩිකාවන් නිර්මාණය කරපු විතාන,ක්‍රීඩාව නිසාම ජීවත්වීමේ දුෂ්කරතාවලට හිර වෙලා විදේශ ගක වෙලා නැවත ලංකාවට ඇවිත් කරපු හොඳම ආයෝජනය තමයි සෆියා.හැබැයි දැන් විතානගෙ පුහුණුකරු ඉතිහාසය ගැනවත්,ඒ අත්දැකීම් සෆියා නිර්මාණයට වැදගත් වුණ හැටිවත් කවුරුත් කතා කරන්නේ හෝ අහලා දැන ගන්න උත්සාහ කරන්නෙත් නැහැ.


මේ විදිහටම කැමරා මයික් එල්ල වෙච්චි,සමාජ ජාලා පුරවපු චරිත සාෆියා එක්ක මේ මීට් එකට ගියා.ඒ අතරින් පසුගිය කාලයේ සමහර විට වසරකටම ලංකාවට මලල ක්‍රීඩාවෙන් හම්බ වුණ පදක්කම අරගෙන ආපු නිමාලි ලියනාරච්චිත් හිටියා.ඇයත් දකුණු ආසියාව,ආසියාව දිනපු,පදක්කම් ගෙනාපු ක්‍රීඩිකාවක්.ලංකාව ගත්තම ඇය මීටර් 800 ඉදලා මීටර් 1500,මීටර් 3000 බාධක දිවීම වැනි ඉසව්වල ජාතික වාර්තා තබා ඇති වගේම මීටර් 400 සහය දිවීමේ ජාතික වාර්තාව තබන්නටත් සම්බන්ධ වුණ ක්‍රීඩිකාවක්.ඇය තවමත් රට නියෝජනය කරනවා.දකුණු ආසියාවේ රිදී පදක්කමක් දිනා ගන්නට තරම් ශක්තිමත්.
නදීශා ලේකම්ගේ ආසියානු ක්‍රීඩා උළෙල හා සබැඳි අපේ පදක්කම් ඉඩොර්ය නිමා කරමින් ගෙවුණු ආසියාතික ක්‍රීඩා උළෙලේදී පළමුවෙන්ම රිදී පදක්කම දිනා දෙමින් පදක්කම් පොකුරකට ශ්‍රී ලංකාවෙ නම එකතු කිරීමේ පුරෝගාමියා වුණ ක්‍රීඩිකාව ඇයයි.ඇය මේ ක්‍රිඩා උළෙලේදිත් රන් පදක්කම දිනා ගන්නවා.


දකුණු ආසියාවේ 2016 දී වේග රැජිණ වූ රුමේශිකා රත්නායක මෙවරත් මීටර් 100 සහය දිවීමේ රන් පදක්කමට සම්බන්ධයි.ඇය තවමත් ක්‍රීඩා පිටය තුළ ඉන්නවා.තවමත් මේ වේගයන්ට අභියෝග කරන්න සූදානමින් ඇය තරග වඳිනවා.ඇය ලංකාවේ ක්‍රීඩාවේ පැවත්ම වෙනුවෙන් අවසානයේ තීරණය කරන්න වෙන ත්‍රිවිධ හමුදාවේ රැකියාව වෙනුවෙන් සම්බන්ධ නොවී ඇයගේ ක්‍රීඩා ජීවිතයට මතුවන ආර්ථිකමය බාධා කෙසේ හෝ මැඩ ගෙන ඇය තවමත් දුවනවා.


නදීශා රාමනායක මීටර් 400 ඉසව්වට ආසියාතික තලය දක්වා දිවෙන පදක්කම් ගෙනත් දෙන්න දායක වුණ ක්‍රීඩිකාවක්.මීටර් 400 සහය දිවීමේ ජාතික වාර්තාව වගේම මිහ්‍ර සහට දිවීම සඳහා එම ඉසව්වට තබා ඇති ජාතික වාර්තාවටත් දායක වුණ ක්‍රීඩිකාවක්.ඇයත් මෙවර එම කණ්ඩායමේ හිටියා.සමස්ත කාන්තා අනු සූරතාවය සඳහා කුසලානය ලබා ගැනීමට කණ්ඩායම තෝරා ගෙන තිබුණේ නදීශා සහ සෆියා වුවත්,සෆියා බොහොම නිහතමානිව පසෙකට වී එම එතෙිහාසික මොහොතේ අනු සූරතා කුසලානයට අත තබන්නට නදීශා ට ඉඩ දෙනවා.


කාන්තා ක්‍රීඩිකාවන් ගැන පසකෙට තබා බැලුවොත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා ඉසව් ආශ්‍රිත ලකුණු සටහනේ වැඩිම ලකුණු ප්‍රමාණය ඉසව්වක් වෙනුවෙන් ලබා ගන්නේ රුමේෂ් තරංගයි.ඔහු උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා වෙනවා.ඒ වගේම ඔහුට මුළු ක්‍රීඩා උළෙලේම දක්ෂතම කාන්තා සහ පිරිමි දක්ෂතා අතරින් දක්ෂයා තෝරා ගෙන බැලුවොත් ඒත් ඉදිරියෙන්ම ඉන්න ක්‍රීඩකයා ඔහු වෙනවා.
ඒ වගෙම මාධ්‍යය මෙන්ම සමාජ මාධ්‍යයද ඇහැ ගහගෙන ඉන්න තරුශි කරුණාරත්නගේ අයියා මේ ක්‍රීඩා උළෙලට තෝරා නොගෙන සිට කල් යෑම මත ඇතුළත් වෙන් භාග්‍යය ලද ක්‍රීඩකයෙක්.ඔහු දිනා ගත් රන් පදක්කම ඇතුළෙ දේවල් අවධානයට ලක් වන්නේම නැහැ වගෙයි.


එසේම මේ ක්‍රීඩා උළෙලට වීසා පමාව නිසා සහභාගි නොවෙන්න තීරණය කරපු චාමිනි හේරත්,බැරි වෙලාවත් සාෆියා වුණානම්… ඒ ඉරණම මේ වැඩ පිළිවෙල යටතේ කාට යුය අත්වෙන්න හැකියි.මේ ක්‍රීඩක විසා ප්‍රමාදය නිසාම තමනුත් ඉතිරි ක්‍රීඩක පිරිස සමඟ යන්න තීරණය කරපු පුහුණුකරුවො දෙන්නෙක් තමයි ප්‍රදීප් නිශාන්ත සහ මුද්දික තුෂාර.ඔවුන් සමඟ පමා වී ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවුද?ඔවුන්ගේ දක්ෂතාවයන් මොනවාද,පමාවේ වෙහෙස ජයග්‍රහණවලට හරස් වුණාද? මේ සියල්ල සහිත හරස්කඩක් මේ ක්‍රීඩා උළෙල අනුව මවා ගන්න තියෙන ඉඩ වෙනුවට සෆියා සම්බන්ධයෙන් පමණක් ඉඩ හැදෙන්නේ සෆියට ආදරේට ද,ක්‍රීඩාවට ආදරේටද එහෙම නැත්නම් වඩා සංවේදී ආකර්ශණය සහිත,කතා කරන කෙනාට වැඩි අවධානයක් යොමු කර ගත හැකි කාරණය තිබෙන්නේ සෆියා ළඟ නිසා ද?


කෙහොම නමුත් සෆියා දක්වන ලද දක්ෂතාවය හරි ඉහළයි.ඇයට තිබුණ පිළිගැනීම අවධානය වෙනස් කර ගෙන ජයග්‍රහණය දක්වා ආපු ගමණෙ තියෙන විශිෂ්ඨත්වය පිළිබඳ කතාව තමයි වැදගත්ම.ඒ වෙනුවෙන් ඇය පසුපස ඇයව විශ්වාස කරගෙන ඇයව ගොඩ නඟපු පුහුණුකරු මෙන්ම තමන් අත් නොහරින උවමනාව ඔහු වෙතින් ළඟා කර ගැනීමට හැකි බව සිතූ සෆියා කියන කාරණාවන් හී ඇති කීඩාවට අදාළ විචිත්‍රත්වය කතා කළ යුතුමයි.මීට පෙරත් ලියා ඇති පරිදි සෆියා කොට කළිසම හිතේ එල්ලාගෙන නොසිට කතා කළ යුතු වැදගත්ම කාරණාය ඇය ක්‍රීඩාවට අදාළ ක්‍රීඩා ඇඳුම තෝරා ගැනීමෙන් ලබා ගත් වටිනාකමයි.ක්‍රීඩා ඇඳුම වැදගත් වන්නේ රටේ ක්‍රීඩා සංස්කෘතිය තුළ එහි සංවර්ධව ක්‍රියාවලිය පෝෂණය කරන්නයි.එතනින් එහා වන වෙන ආගමකට ජාතියකට ඊට අදාළ සංස්කෘතියකට අපහාසයක් හෝ වටිනාකමක් එයින් අත්වන බවට පෙන්වන්න හදන විනාර ක්‍රීඩාව නමින් නැවතිය යුතුයි.


දියුණු ක්‍රීඩා ලෝකයට පිවිසෙන විට තමන්ගේ හොඳම දක්ෂතාවය පෙන්වන්න ඇඳුම බාදාවක් කර නොගන්න දකුණු ආසියාවේ රටවල් ගොඩක් මේ වන විට තීරණය කර තිබෙන බව නැවත නැවත උළෙලට අදාළ වීඩියෝ දර්ශණ අඛණ්ඩව බලාගෙන යද්දි තේරුම් ගන්න පුළුවන්.ඉන්දියාව,බංගලාදේශය වගේම මාල දිවයින ක්‍රීඩිකාවන් ගත්තත් ඔවුන් පැළඳගෙන සිටියේ ක්‍රීඩා ඇඳුමමයි.එසේ නොවන අවස්ථා ඉතාමත් විරලව දකින්නට ලැබුණු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ගැන ක්‍රීඩාව තේරුම් ගැනීම ගැන,සම්ප්‍රදායික ක්‍රීඩාවට විෂ අදහස්වලින් ක්‍රීඩාව කළාපය තුළ නිදහස් වෙමින් තිබෙන බව දැණුන එක සෆියාලගේ ඉදිරි පරම්පරාවටම යහපතක්.ඒ හැරෙන්නට එම පදක්කම වගේම මේ තරගාවලිය ජයගත් රන් පදක්කම් ගත් හැමෝම ගැන රසවත් කතාවක් තියෙනවා.
දුර පැනීමෙන් මලල ක්‍රීඩා කේෂ්ත්‍රයට පිවිස යොවුන් ක්‍රීඩා උළෙලේ එම දක්ෂතාවය වෙනුවෙන් දක්ෂතම ක්‍රීඩකයා වෙච්චි මිලාන් සම්පත් මේ තරගාවලියෙ කවපෙත්ත වීසි කිරීමෙන් දිනා ගත් පදක්කමත් ක්‍රීඩාව සම්බන්ධයෙන් කතා කරන්න හොඳ මාතෘකාවක් නෙමෙයි ද?එවා අතර ක්‍රීඩාමය රහස් කොච්චර තියෙන්න පුළුවන්ද?


දක්ෂයන් සියල්ලම අගය කළ යුතුයි.එය ක්‍රීඩාමය හැඟීමකින් ආදරයකින්ම විය යුතුයි.ක්‍රීඩාවට අපේ සමාජ සංවේදීකම කෙතරම් ද කියනවානම් මේ කාරණා ඉහළට එන්නේ නැහැ.ක්‍රීඩාමය නොවන සංවේදී කාරණයක් ඔස්සේ අප සමාජය ක්‍රීඩාව හරහා පටලමින් තිබෙනවා.
සෆියාගේ ඊයේ ප්‍රකාශය ඒ සම්බන්ධයෙනුයි.ඒ වචන අතරේ සැඟවුණ ප්‍රකාශය අපට දැනෙන හැටියට පහතින් දක්වනවා.
“අපි කිසිම බේදයක් නැතුව ඉන්න ගමක්.අනේ අපි අවුල් කරන්න එපා“

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...