මැතිව්ස්ට කොවිඩ් – ඔෂධ ප්‍රනාන්දු කණ්ඩායමට එයි

ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ අද තෙවැනි දිනයයි. ලකුණු 109 ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු දෙකක් දැවී ලකුණු 39 ක් රැස් කරගෙන සිටී.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 23 කට දැවීගිය අතර පැතුම් නිශ්ශංකට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 14 ක් පමණි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස්ට තරගය අහිමි වී තිබෙනවා. ඒ ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙනි. අද තරගය ආරම්භ කිරීමට පෙර ඒ බව තහවුරු කරගෙන තිබේ.

ඔහුගේ ස්ථානය සඳහා ඔෂධ ප්‍රනාන්දු කැඳවා ඇති අතර ඒ අනුව ඔෂධ ප්‍රනාන්දුට දෙවැනි ඉනිමේදී පන්දුවට පහරදීමේ අවස්ථාව හිමි වේ.

කොවිඩ් ආසාදිත මැතිව්ස් දින 05 ක නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...