අවසානයක් නැති වන අලි ගැටළුව!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW :

වන අලි ගැටලුවෙන් , කහටගස්දිගිලිය, අන්දරගොල්ලෑව ගම්මානය කලක සිට පීඩා විඳින ගම්මානයකි.

ගොවි ජනතාව බහුතරයක් ජීවත්වන කහටගස්දිගිලිය අන්දරගොල්ලෑව ගම්මානයේ ජනතාවගේ ජන ජීවිතවලට මෙන්ම වගාවන්ටද මෙම වන අලිඋවදුර හේතුවෙන් දැඩි තර්ජනයක් එල්ලවී තිබෙන බව වාර්තා වේ.

ගම්වාසීන් පවසන්නේ, මෙම ගම්මානයට නිරන්තරයෙන් පවතින වන අලි තර්ජන පිළිබඳව ගම්මානයේ ජනතාව අදාළ බලධාරීන් කොතෙක් දැනුවත් කළද මේ වනතෙක් කිසිදු බලධාරියෙකු මේ පිළිබඳව සොයා බැලීමක් හෝ කර නොමැති බවයි .

බඩ ඉරිඟු හා වී ගොවිතැන මෙම ගම්මානයේ ජනතාවගේ ප්‍රධාන වැවිලි බෝග වන අතර මේ වනවිට ගම්මානයේ ගොවිබිම් රැසක්ම වන අලි විසින් විනාශකර දැමීම හේතුවෙන් ගොවීන් දැඩි අසරණ තත්ත්වයකට පත් වී බව වාර්තා වේ.

ඔවුන් පවසන්නේ , මේ වනවිට මෙම ගම්මාන‍යේ නිවාසවලටත් ගෙවතුවලටත් වන අලි කඩා වැදීම හේතුවෙන් සවස් කාලයේ මෙන්ම අලුයම් කාලයේද නිවෙස්වලින් එලියට බැසීම පවා අවදානම් සහිත වී ඇති බවයි .

ගම්වාසීන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ වන අලි ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙමින් තම ජීවිතයත් ගොවිතැනත් ආරක්ෂා කර දෙන මෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...