ඊජිප්තුවේ ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය විවෘත කෙරේ, ටූටන්කාමුන්ගේ සොහොන සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය (GEM) ලෙස සැලකෙන පුරාණ ලෝකයේ පුදුම හතෙන් එකක් වන ගීසා හි කුෆු මහා පිරමීඩය අසල ඊජිප්තුව නූතන යුගයේ සංස්කෘතික නිධානය නොවැම්බර් 4 මහජන ප්‍රදර්ශනයට විවෘත කර ඇති බව වාර්තා වේ.

ඩොලර් බිලියන 1.2 ක් (£910m; යුරෝ බිලියන 1.1) පමණ වැය වන මෙම දැවැන්ත කෞතුකාගාර සංකීර්ණය වසරකට අමුත්තන් මිලියන 8 ක් දක්වා ආකර්ෂණය කර ගනු ඇතැයි අපේක්ෂා කරන අතර විශාලත්වය වර්ග මීටර් 500,000 (වර්ග අඩි 5.4) ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර එය පාපන්දු පිටි 70 ක පමණ ප්‍රමාණයකින් යුක්ත වේ

මෙහි පූර්ව රාජවංශ යුගයේ සිට ග්‍රීක සහ රෝම යුග දක්වා රටේ ඉතිහාසයේ සහස්‍ර හතක් පමණ ආවරණය කරන කෞතුක වස්තු 100,000 කින් පමණ පිරී ඇති අතර මෙහිදී බ්‍රිතාන්‍ය ඊජිප්තු විද්‍යාඥ හොවාර්ඩ් කාටර් විසින් සොයා ගන්නා ලද ටූටන්කාමුන්ගේ සොහොන සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනය කෙරේ.

ටූටන්කාමුන්ගේ සොහොන දකින්නට පමණක් ලොව පීරා සංචාරකයන් මිලියන සංඛ්‍යාත පිරිසක් පැමිණෙනු ඇතැයි විශ්වාස කරන අතර පුරාණ ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ දහතුන්වන පාරාවෝ වූ අතර රාජ්‍යත්වය දැරූ ටූටන්කාමුන්හු ක්‍රි.පූ. 1333 – 1323 පමණ සිය පාලනය ගෙනගිය අතර අනපේක්ෂිත ලෙස වයස අවුරුදු 18 දී පමණ මිය යන්නට ඇති බව සැලකේ,

ඔහුගේ පාලන සමය පුරාණ ඊජිප්තු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ප්‍රතිසංස්කරණ කාල පරිච්ඡේදයක් ලෙස සලකනු ලබන අතර, ඔහුගේ සොහොන් දොර පුරාණ ඊජිප්තු දෙවිවරුන්ගේ නිදර්ශන ඉදිකිරීම් සඳහා ඔහුගේ කැපවීම ප්‍රකාශ කරණ බව කියවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...