කාලය, නැකත එනකම් ඉන්න දෙයක් නෑ. ජනතාව වෙනුවෙන් 21 අපි සූදානම්!

Date:

කොළඹ LNW: මේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න යටගහන්න ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලනයකට රට ඇදගෙන යන නමුත් එම උත්සාහයට එරෙහිව මතවාදයක් දරන විපක්ෂයේ පක්ෂ කිහිපයක් එකතු වී බලවේගයක් නිර්මාණය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

”2015 යහපාලන ආණ්ඩුව වෙලාවේ අපි ඒකාබද්ධ විපක්ෂය ලෙස 34 දෙනයි හිටියේ. එදා විපක්ෂ නායකවරයා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා දෙන්නම ඒ කියන්නේ JVP එකයි එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි දෙන්නම ආණ්ඩුව එක්ක හිටියේ. හැබැයි විපක්ෂයේ රාජකාරිය අපි ඉෂ්ට කළා. මේ රටේ දේශපාලනික වශයෙන් සැබෑ විපක්ෂය නියෝජනය කරන බලවේග අද ඒකරාශී වෙමින් පවතිනවා ඒ වගේම අපි දන්නවා සමහර අයට විපක්ෂයේ හිටියත් තමාගේ විශ්වාසය මතය දරන්න හැකියාවක් නැහැ. නොයෙක නොයෙක් හේතු කාරණා මත. අපි ඒවා තේරුම් ගත්ත දේශපාලන බලවේගයක්. අනිත් අය තමාගේ කාලය නැකත එනකම් බලන් ඉන්නවා වෙනුවට මම හිතනවා ජනතාවට අවශ්‍ය වෙලාවට ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න ජනතාවාදී දේශපාලන බලවේගය ගොඩනගමින් ඉන්නවා.” යනුවෙන් මන්ත්‍රීවරයා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...