දෙවන කොටසේ සූරයන් කළුතරින්

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවන ලද දෙවන කොටසේ ක්‍රිකට් තරගාවලියේ සූරතාවය දිනා ගන්නට කළුතර නාගරික ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් වුණා.කළුතර ගෙවුණු දශක ගණනාවක කාලය තුළ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් දායාද කළ තැනක් වන අතර ඉතිහාසයේ ඔවුන් කැපී ඔපවත්ව නැඟුණ ක්‍රීඩා සමාජය වූ කළුතර නාගරික ක්‍රීඩා සමාජය මේ ආකාරයට යළිත් පෙරට පැමිණීම වැදගත් අවස්ථාවක් ලෙස සැළකිය හැකියි.
දුලිප් ලියනගේ ගේ සිට පැතුම් නිශ්ශංක දක්වා වන ඉතිහාසය තුළ ඩිල්ෂාන්,මාලිංග බණ්ඩාර වැනි ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දැක් වූ දායකත්වය සුළු පටු නැහැ.එවැනි ඉතිහාසයකට නැවත පණ පිඹින්නට උත්සාහ කරමින් කළුතර නාගරික ක්‍රීඩා සමාජය මේ අලුත් පියවර තුළින් උත්සාහ කරන ඇති අතර ඔවුන් අවසාන තරගයේදී ආදී ආනන්ද ක්‍රීඩා සමාජය ලකුණු 177 න් පරාජය කරමින් සූරතාවය දිනා ගන්නට සමත් වෙනවා.


කළුතර කණ්ඩායම ලකුණු 354 ක් රැස් කරන අතර ආදි ආනන්ද කණ්ඩායමට රැස් කරන්නට හැකි වන්නේ ලකුණු 177 ක් පමණයි.කළුතර කණ්ඩායම වෙනුවෙන් අගනා ඉණිමක් දියත් කරන තරුෂ රණසිංහ ලකුණු 150 ක් රැස් කරන්නට සමත් වෙනවා.කවිඳු කෞශ්‍යය පුමුක කළුතර පන්දු යැවිමේ බල ඇණිය ඉදිරියේ එම ලකුණු ප්‍රමාණය හඹා යාමට උත්සාහ කරන ආනන්ද කණ්ඩායමට වන්නේ පන්දු ඕවර් 50 ට ම මුහුණ දී ලකුණු 177 සීමා වන්නටයි.ආනන්ද කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයා වූ දනිදු සෙල්ලප්පෙරුම ලකුණු 45 ක් රැස් කරන්නට සමත් වෙනවා.
තරගයේ වීරයා වන්නට සමත් වන්නේ කළුතර ඉණිම ගොඩ නැඟීමට විශාලම දායකත්වය ලබා දෙමින් ලකුණු 150 ක් රැස් කළ තරුෂ රණසිංහ යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...