මෙහෙණින් වහන්සේ නමකට අශෝබන ලෙස බැන තර්ජනය කළ අය අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW :

ඊයේ (02) රාත්‍රී කාලයේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ප්‍රදේශයේ රත්නාවලී ආරාමය අසලදී , මෙහෙණින් වහන්සේ නමකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ‍යෙන් සැකකරුවන් දෙදෙනෙකු ප්‍රසිද්ධ ස්ථානයක කළහකාරි ලෙස හැසිරීමේ චෝදනාව යටතේ වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 58 හා 67 වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයන් දෙදෙනා මෙහෙණින් වහන්සේට ඉතා අශෝබන ලෙස බැන තර්ජනය කරන සිදුවීමට අදාළ වීඩියෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.  මෙම පුද්ගලයන් අද (03) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...