අපි අරගලයේ දෙවැනි රැල්ල පටන් ගත්තා. පොලිසියයි හමුදාවයි තරහා කරගන්න එපා – අනුර (VIDEO)

Date:

වත්මන් ආණ්ඩුව පළවා හැරීම සඳහා වන ජනතා අරගලයේ දෙවැනි රැල්ල තමන් ආරම්භ කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“මේ අර්බුදයෙන් ගොඩ එන්න මොකක්ද කරන්න ඕනෙ ? ජනතාව විශ්වාස කරන විශ්වාසනීය පාලනයක්, ලෝකෙ රටවල් විශ්වාස කරන්න ඕනෙ, විදෙස්ගත ලාංකිකයින් විශ්වාස කරන්න ඕනෙ, ඒ ඔක්කොම විශ්වාස කරන පාලනයක් අද අපේ රටේ හදන්න ඕනෙ. මේකෙන් මුදවා ගන්න නම් අපි පාලන බලය අතට ගත යුතුමයි, මතක තබාගන්න. දැන් අපි දෙවැනි රැල්ල පටන් ගත්තේ. දෙවැනි රැල්ල පළවෙනි රැල්ලටත් වඩා මහා ජන සුනාමියක් ලෙසට වර්ධනය කරන බවට අපට සහතිකයක් තිබෙනවා. මෙවැනි ව්‍යසනයන්හිදී පොලිසිය හමුදාව හැමදාමත් හිටගන්නේ ජනතාවගේ පැත්තේ. ඒ නිසා මොනවද කරන්න ඕනේ ? ඒ පොලිසිය හමුදාවට අපි ආරාධනා කරන්න ඕනෙ, කිසිකෙනෙක් තරහා කරගන්න එපා, භේද භින්න කරගන්න එපා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (02) අම්බන්ගොඩදී පැවති විරෝධතා රැලියක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...