අපි ආවේ රටේ ප්‍රශ්න අවුරුද්දකින් විසඳන්න නෙවෙයි. අපේ ප්‍රතිපත්ති දීලා තියෙන්නෙ අවුරුදු 5කට – ඇමති කෞෂල්‍යා

Date:

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පැමිණියේ වසරක් තුළ රටේ ප්‍රශ්න 100%ක් විසඳීමට නොව සෙමින් නමුත් සාර්ථක ගමනක් යාමට බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍ය ආරියරත්න මෙනවිය පවසයි.

“සමහර දේවල්වලදී අපට ගමට ගියාම හම්බවෙන කාන්තාවො කියනවා අපිට තවම එකපාරට මොකුත් ලොකූ‍ වෙනසක් වුණේ නෑනෙ, හිරේ යවනවා කියපු අය හිරේ ගියෙ නෑනෙ තාම කියලා. හැබැයි හරියට හිතලා බලන්න, මේ වගේ නිකම් අර සමාජ මාධ්‍යවල කියන සමහර පුංචි අදහස්වලට අහුවෙන්න එපා. අපි පටන් අරන් තියෙන වැඩ මොනවද, අපි කොච්චර ප්‍රමාණයක් අල්ලස් හා දූෂණ, වංචාවලට නඩු කටයුතු පටන් අරන් තියෙනවද, අපි කොච්චර ප්‍රමාණයක් අයිස්, හෙරොයින් මත්ද්‍රව්‍ය ඇත්තටම අල්ලලා තියෙනවද, කොයි තරම් ප්‍රමාණයක් වංචා දූෂණ සිදුවෙච්ච රාජ්‍ය ආයතන කොච්චර ප්‍රමාණයක් ඒවායෙ වියදම් අඩුකරලා අපි සුද්ද කරමින් යනවාද ? අපිට තව වැඩ ගොඩක් තියෙනවා. ඒකට එකඟයි. මොකද, අපි 100%ක් රටේ ප්‍රශ්න අවුරුද්දකින් විසඳන්න නෙවෙයි අපි ආවෙ. හෙමින් නමුත් සාර්ථක ගමනක් යන්න තමයි අපි ආවෙ. අපෙ ප්‍රතිපත්ති අපි ඕගොල්ලන්ට දීලා තියෙන්නෙ අවුරුදු 5කට. අපි ඒ ප්‍රතිපත්තිය දැන් ක්‍රියාත්මක කරන්න පටන් අරන් තියෙනවා.”

කෞෂල්‍යා ආරියරත්න නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ හෝමාගම ආසනයේ මීගස්මුල්ල සහ වල්පිට කාන්තා සභා පිහිටුවීමේ අවස්ථාවට පෙරේදා (02) දිනයේදී එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

චීන ජනපති සහ රුසියානු අගමැති අතර හමුවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු අග්‍රාමාත්‍ය Mikhail...