රාජ්‍ය සේවය ගැන ඇහෙන අලුත්ම ආරංචිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW :

මේ වනවිට රාජ්‍ය සේවයේ විවිධ පුරප්පාඩු පවතින අතර, එම නිසා රාජ්‍ය සේවය සඳහා 60,000 ක පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා කියා සිටී.

අමාත්‍යවරයා පැවසුවේ , පවතින පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය අයවැයෙන් 30,000 ක් බඳවාගන්න ප්‍රතිපාදන වෙන් කළ බවය. එහි එක් පියවරක් ලෙස දීපව්‍යාප්ත සේවා සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීමට අපි කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය,  සැලසුම් සේවය, ගණකාධිකාරී සේවය ඇතුළු අත්‍යව්‍යශ්‍ය සේවා සඳහා කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ ක්‍රියාවලිය එලෙස ආරම්භ කර ඇති බවත්, අමාත්‍යවරයා පැවසුවේය.

ඒ සඳහා  කැබිනට් මණ්ඩලය විසින් පත්කර ලද අනුකමිටුවේ නිර්දේශ මත 226 දෙනෙකු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට බඳවා ගැනීම සඳහා කටයුතු කරමින් ඇතැයිද අමාත්‍යවරයා පවසන ලදි. පසුගිය මාර්තු මාසයේ පැවති විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගත් කණ්ඩායම අතරින් 226 දෙනෙක් ඉංජිනේරු සේවයට බඳවා ගැනීම සඳහා අවශ්‍ය තෝරා ගැනීමේ කටයුතු කර ඇති බව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...