කොළඹ LNW:අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ විශේෂ මෙහෙයුමෙන් ඊයේ දිනයේ (03) පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 638 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අනුව ඊයේ දිනයේ දී පුද්ගලයන් 28,389 දෙනෙකු පරීක්ෂා කර ඇත.
අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හදුනාගත් 22 දෙනෙකු මෙන්ම වරෙන්තුකරුවන් 209 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලීසිය නිවේදනය කරන්නේ.
එමෙන්ම අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 137ක් වන අතර බීමත් රියදුරන් 17 දෙනෙකු මෙන්ම අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 4271 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
