සටහන – රුවන් නෙළුගොල්ල
අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් මාළු ව්‍යාපාරිකයකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
අද උදෑසන 10.30 ට පමණ සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් මහතා සඳහන් කළේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ තත්වය බරපතළ බවත් වාර්තා විය.
මෙසේ තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ පෝරඹ පදිංචි 54 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 4ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
