වොලිබෝල්වල හෙට දවසට වටිනාම dialog එක මහඋස්වැවටයි දෙබැඟමටයි

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW:

ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ මඟ පෙන්විම මත 18 වන වරටත් ක්‍රියාත්මක වුණ අවුරුදු 25 න් පහළ පිරිිමි සහ කාන්තා වොලිබෝල් සූරතාවය ඩයලොග් අනුග්‍රහය ඇතිව උත්සවශ්‍රීයෙන් අවසන් වුණා.එහි පිරිමි සූරතාවය දෙබෑගම රන්තුරු ක්‍රීඩා සමාජය විසින් ද කාන්තා සූරතාවය මහඋස්වැව රත්නපාල ක්‍රීඩා සමාජය විසින් ද දිනා ගනු ලැබුවා.


ජාතික වටිනාකම් බවට පෙරැළෙන දක්ෂයන්ගෙ පෙරෙට්ටුව බඳු තරගාවලිය වන ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරගවලියේ විශේෂත්වය වන්නේ ඒ වන විටත් ජාතික කණ්ඩායමට තේරී සිටින සහ ඒ වෙනුවෙන් උත්සාහ කරමින් සිටින දක්ෂයන්ගේ මුසුවක් මෙහි තරග කරන බොහෝ කණ්ඩායමවල සංචිත අනන්‍යතාවය වීමය.ඒ නිසාම මේ තරගාවලිය ජාතික කණ්ඩායටම දක්ෂයන් හඳුනාගන්නා පෙරෙට්ටුවක ස්වරූපය ගන්නේය.


එවන් වටිනාකමක් ඇති තරගාවලියක පිරිමි සූරතාවය වෙනුවෙන් දෙබෑගම රන්තරු සමඟ හංවැල්ල රාජසිංහ නම් වූ ක්‍රීඩා සමාජ එකිනෙක ගැටීම රුවන්වැල්ලේ වොලිබෝල් ආශ්චර්යය පමණක් නොව පුහුණුකරු චමින්ද ජයරත්නගේ කැපවීම සහ වෙහෙසත් කදිමට ප්‍රදර්ශනය කරන්නකි.ඔහු යටතේ රාජසිංහයේ වොලිබෝල් හදාරන්නන් මේ කණ්ඩායම් දෙකේම සාමාජිකයන් වීම ඊට හේතුව විය.
පිරිමි සූරතාවයේදී සිය සහෝදර රාජසිංහ කණ්ඩායමට එරෙහින දෙබෑගම රන්තරු කණ්ඩායම ජය ගත්තේ වට 3-2 ක් ලෙසය. 25 – 18,26-24,21-25,21-25 සහ 15-13 ක් ලෙස එම තරගය තියුණු මුහුණුවරක් ගත්තේය.නිතර එකට පුහුණු කටයුතු කරන කණ්ඩායම් දෙකක් එකිනෙකා පරයා නැඟෙන්නට ඇති හැකියාව විඳහා පෙන්වීමෙන් පැහැදිළි කළේ රුවන්වැල්ලෝ වොලිබෝල් පොහොසත්කමය.


සබරගමුව පිරිමි ආධිපත්‍යය දරමින් සූරතාවය සහ අනු සූරතාවය බෙදා ගනිද්දී දීර්ඝ ඉතිහාසයක් ඇති නාත්තණ්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය තරගාවලියේ තෙවැනි තැනට පත් විය.කාන්තා තරගාවලියේ දී සබරගමුව වෙනුවට වයඹ කණ්ඩායම් දෙකක් අතර සූරතාවය සහ අනු සූරතාවය බෙදිණ.වයඹ පළාතට අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව කේන්ද්‍රව ඇති රත්නපාල විද්‍යාලය හරහා නිර්මාණය වන ක්‍රීඩිකාවන්ගෙන් හැඩ වුණ මහ උස්වැව රත්නපාල කණ්ඩායම විසින් කුරුණැගල දිස්ත්‍රික්කයට අයත් මාහෝ විජයබා කණ්ඩායම වට 3-1 ක් ලෙස පරාජයට පත් කළේය.එහි ලකුණු තත්ත්වය 25 – 21,25-17,15-25 සහ 25-23 ක් ලෙස සටහන්ව තිබිණ.තෙවන ස්ථානය සංඝමිත්තා ක්‍රීඩා සමාජය විසින් කිරිඳිවැලට රැඟෙන ආවාය.


මේ ක්‍රීඩා කණ්ඩායම් දෙස බැලීමේදී පැහැදිළිව දැකිය හැකි දෙයක් වන්නේ මේ ක්‍රීඩකයින් නඩත්තු වෙන්නේ පාසල තුළින් බවය.නාත්තණ්ඩිය යුනයිටඩ් කණ්ඩායමට වැඩිපුරම සිටියේ ධම්මිස්සර ක්‍රීඩකයින් වුණත්,ප්‍රදේශයේ තවත් වොලිබෝල් දක්ෂයන්ට එහි ඉඩ සැකසිණ.ඒ ඉතිහාසය පාසලෙන් එපිටට වර්ථමානයේ ගමන් නොකරන බව හැඟෙන්නේ මේ කණ්ඩායම් පාසල් ආශ්‍රිතවම ගොඩ නැඟණු බවට සාක්ෂි ක්‍රීඩා සමාජ නම් තුළම දකින්නට ලැබෙන නිසාය.එහි හැඟවුම එක පාසලකට බොහෝ සෙයින් සීමා වූ ක්‍රීඩාවත් මිස ගමට විහිදුණු වොලිබෝල් ක්‍රීඩාවකට ඇති ඉඩ හඳුණාගැනීමට හැකි වීමය.එම ඉඩ පුරවන්නට වැඩ පිළිවෙලක් ඇත්නම් දර්ශන නොවුණ දක්ෂතාවය ඇති වොලිබෝලයකට අතවත් තබා නැති පිරිස් ‘පාසලෙන් පිට‘ ගමේ ඉන්නට ඉඩ ඇත.


පිරිමි අංශයේ විශේෂ දක්ෂතා
හොඳම පැති ප්‍රහාරක – 1 කේ.එස්.එම්.අයි රත්නායක – රාජසිංහ එස්.සී – රුවන්වැල්ල
හොඳම පැති ප්‍රහාරක – 2 කේඑම්වීසී විජේවික්‍රම – රන්තරු ක්‍රීඩා සමාජය – දෙබෙගම
දක්ෂතම මැදපෙළ ක්‍රීඩකයා – 1 ඩීඑම්පීඩීබී දිසානායක – රාජසිංහ ක්‍රීඩා සමාජය – රුවන්වැල්ල
හොඳම මැදපෙළ ක්‍රීඩකයා – 2 එච්පීආර්ආර් පුවක්පිටිය – රන්තරු එස්.සී – දෙබෑගම
හොඳම ප්‍රතිවිරුද්ධ ජේඒයූපී අදිකාරි – රාජසිංහ එස්.සී – රුවන්වැල්ල
හොඳම සකසන්නා එල්ආර්සී ලියනගේ – රන්තරු ක්‍රීඩා සමාජය – දෙබෑගම
හොඳම ලිබරෝ – එච්පීඑන් තත්සර – රන්තරු ක්‍රීඩා සමාජය – දෙබෙගම
වටිනාම ක්‍රීඩකයා – එස්ආර්ජේ දිසානායක – රන්තරු එස්.සී – දෙබෑගම

කාන්තා අංශයේ දක්ෂතා
හොඳම පැතිති ප්‍රාහරිකාව – 1 ප්‍රීතිකා ප්‍රබෝදනී – රතනපාල එස්.සී – මහවුස්වැව
හොඳම පැති ප්‍රහාරිතාව – 2 ටීඑම්කේඑම් තෙන්නකෝන් – විජයබා – මහෝ
දක්ෂතම මැදපෙළ ක්‍රීඩකයා – අයිපීඑම්ඒනවාරත්න – විඩයබා – මහෝ
දක්ෂතම මැදපෙළ ක්‍රීඩිකාව – 2 සෙව්වන්දි හේරත් – රතනපාල එස්.සී – මහවුස්වැව
දක්ෂතම ප්‍රතිවිරුද්ධ ක්‍රීඩිකාව යසංගා නෙත්මිණි – රතනපාල එස්.සී – මහාවුස්වැව
හොඳම කට්ටලය P.A. කාවින්දි මධුෂිකා – රතනපාල එස්.සී – මහවුස්වැව
හොඳම ලිබරෝ කේ.ඒ උදේශිකා ශ්‍රීමාලි – රතනපාල එස්.සී – මහවුස්වැව
වටිනාම ක්‍රීඩිකාව ප්‍රීතිකා ප්‍රබෝදනී – රතනපාල එස්.සී – මහවුස්වැව
දක්ෂතා දැක් වූ අයට තිළින ප්‍රදානය සඳහා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් කිලකරත්න ද
වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ලේකම් අඛිල ද අල්විස් ,F උප සභාපති, Mr. මහින්ද බණ්ඩාර. යන අය එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...