කෙන්ටකි ගුවන්තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කෙන්ටකි හි ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන්ගත වූ UPS භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

පුද්ගලයන් 11 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යනු ඇති බවයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ,

අනතුරට හේතුව කුමක්දැයි තවමත් වාර්තා නොවන අතර ගුවන් යානය අනතුරට පත්වන විට ඉන්ධන ගැලුම් 38,000 (ලීටර් 144,000) ක් රැගෙන ගොස් ඇති අතර ගුවන් යානය පොලවට පතිත වීමට පෙරම පුපුරා ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...