ලංකාවේ දී ම ලංකාවට දිනන්න ඉඩක්

Date:

sharethis sharing button 

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW:

මධ්‍යම ආසියානු අවුරුදු 19 න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රි ලංකාවේ සිටින පළපුරුදුම පුහුණුකරුවෙකු වන චාල්ස් තිලකරත්න යටතේ පෙළ ගස්වා තිබෙනවා. නිලංග රුෂාන් ජයකොඩි ( සහාය පුහුණුකරු ), උදය රුක්මාල් (සහාය පුහුණුකරු) මෙන්ම චමින්ද ලක්ෂමන් කළමණාකරු ලෙසත් නදීකා සඳමාලි කණ්ඩායම් භාර නිලධාරිණිය ලෙසත් මෙම කණ්ඩායමට සම්බන්ධ වී සිටිනවා.


නායකත්වය රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ සුලක්‍ෂණා පසිඳුනි වෙත පැවරී ඇති අතර සෙසු ක්‍රිඩිකාවන් පහත සඳහන් පාසල් කණ්ඩායම් හරහා තේරී පත්ව සිටින අයුරු පහත දැක්වෙනවා.


හුංගම විජයබා ජාතික පාසල –
හිරුණි ප්‍රබෝදා
පවනි පබසරා
විහඟි අහිංසා
නෙත්මි දිව්‍යාංජලී
යශෝධරා දේවි බාලිකා විද්‍යාලය ගම්පහ –
ටෂණි භාග්‍යා
සංඝමිත්තා බාලිකා විද්‍යාලය කිරිඳිවැල-
අප්සරා නෙත්මිණී
ධම්මිස්සර ජාතික පාසල-
වත්ශිකා දිල්ශානි
නෙත්‍යා මින්දුලි
තිසඳි තුෂ්මිණී
වික්‍රමශීලා ජාතික පාසල –
හර්ෂණී නිසංසලා
ජිනේෂි මදුශානි


තරගාවලිය කොළඹ සුගතදාස පිටියේ පැවත්වෙන බැවින් ක්‍රිඩාංගණයෙන් ද හොඳ ප්‍රතිචාරයක් ලබා ගැනීමට හැකි වුවහොත් මෙම කණ්ඩායම තරගාවලියේ පෙරළියක් කළ හැකියි.එයට ඉඟි දෙමින් පළමු තරගයේදී ශ්‍රී ලංකාවට මාල දිවයින කණ්ඩායම වට 3-0 න් පරාජය කරන්නට හැකි වෙනවා.

එහිදී පළමු වට දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් මාල දිවයින ක්‍රිඩිකාවන්ට ඉලක්කම් දෙකේ ලකුණු සටහන් කරන්නට ඉඩ ලබා දුන්නේ නැහැ.එම වට දෙකම ලකුණු 9 බැඟින් මාල දිවයින ලබා සිටියදී ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් වෙනවා.තෙවන වටයේදී පමණක් මාල දිවයින ලකුණු 25 – 15 ක් ලෙස පරාජයට පත් වෙනවා.


මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වොලිබෝල් ක්‍රීඩාවේ තිබෙන සෑම අංශයකින්ම ඉදිරියෙන් සිටිය අතර විශේෂයෙන්ම කෙටි පන්දු එසැවීම්වලට පහර ඒල වෙන ආකාරයක් ද දැක ගන්නට ලැබුණා.එහෙත් මාල දිවයිනට සාපේක්ෂව න්‍රීඩා කිරීම අද දවසේදී කෙසේ ක්‍රියාත්මක වේදැයි නේපාල කණ්ඩායමේ බලපෑම මත තීරණය වෙනු ඇත.


ඊයේ නේපාලය කිර්ගිස්තානය අතර පැවති තරගයේදී නේපාලය විශාල සටනක් දුනු අතර එය කිර්ගිස්තානය ජය ගත්තේ වට 3-2 ක් ලෙසයි.ශ්‍රී ලංකාවට ඒ නිසා නේපාල තරගයේදී විශාල අවධානයක් යොමු කරන්නට සිඳු වෙනවා.විශේෂයෙන් පෙර මෙන්ම පසු කළාප ද එක සේ භාවිතාවට ගනිමින් පහර එල්ල කරන මිනා සුනාර් ගැන පරිස්සමෙන් සිටීම වැදගත් වෙනු ඇත.
අද දවස විවේකය ඇත්නම් ලාංකිකත්වයත් රැඟෙන පස්වරු 2.00 ට සුගතදාස පිටියට යාම ශ්‍රී ලංකා කණ්ඩායමට ආශිර්වාදයක් වනු ඇතැයි සිතිය හැකිනම් එය ජයග්‍රහණයට වැදගත් දායකත්වයක් වනු ඇති බවත් කිව යුතුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...