ඕවින්දි විෂ්මිකා
නොවැම්බර් 05, කොළඹ (LNW): විනයගරුක සහ ප්‍රවේශම් සහගත මූල්‍ය ප්‍රතිපත්තියක් හරහා ජාතික අයවැය හිඟය අඩු කිරීම සඳහා රජය ස්ථාවර ප්‍රගතියක් ලබා ගනිමින් සිටින බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහාචාර්ය දුනුසිංහ මහතා ප්‍රකාශ කළේ මේ වන විට රජයේ මූල්‍ය පාලනය වැඩි විනයකින් පරිපාලනයේ මැදිහත්වීමෙන් සිදු වන බවත් ඒ මගින් අයවැය හිඟයේ ස්ථාවර පහත වැටීමකින් පිළිබිඹු වන බවත්ය. රජය අධික ලෙස නව ණය ගැනීම් සඳහා යොමු වී ඇති බවට කරන ප්‍රකාශ ඔහු ප්‍රතික්ෂේප කළ අතර එවැනි ප්‍රකාශ “නොමඟ යවන සුළු” ප්‍රකාශ බවට ඔහු පැවසීය.
“ජාත්‍යන්තර ණය වෙළඳපොළවල් සහ ද්විපාර්ශ්වික මූල්‍ය ආධාර සීමිත වීම හේතුවෙන් මෑත කාලීන ණය ලබා ගැනීම්වලින් වැඩි ප්‍රමාණයක් දේශීය වශයෙන් ලබාගෙන ඇත.” මහාචාර්ය දුනුසිංහ පැහැදිලි කළේය. “ප්‍රධාන බහුපාර්ශ්වික ණය දෙන්නන් පවා දැන් පෙරට වඩා අඩු සහනදායී ණය ලබා දෙයි. එසේ වුවද රජය දේශීය ණය ගැනීම් මත යැපීම අධික වී නැත. ඇත්ත වශයෙන්ම දත්ත පෙන්වන්නේ අයවැය හිඟය ස්ථාවර ලෙස පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි.” ඔහු තවදුරටත් සඳහන් කළේය.
2026 සඳහා වන ප්‍රවණතා අනුව රජයේ ණය ගැනීම්වල අඛණ්ඩ අඩුවීමක් පෙන්නුම් කරන අතර මූල්‍ය කළමනාකරණය සඳහා වූ පරිපාලනයේ කැපවීම සහ විශ්වාසය ඉතා හොද මට්ටමක පවතින බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
මේ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ රජය දැඩි පීඩනයකට ලක් වූ ආර්ථිකයක් උරුම කරගෙන ඇති අතර එමඟින් රටේ සැබෑ ආර්ථික හැකියාවට අනුකූලව වියදම් පෙළගැස්වීම අවශ්‍ය වූ බවත්ය.
රාජ්‍ය ආදායම වැඩිදියුණු කිරීම ප්‍රධාන ප්‍රතිපත්තිමය අරමුණක් වී ඇති බවත් රජයේ ආයතන කිහිපයක් දැනටමත් ඔවුන්ගේ ආදායම් ඉලක්ක ඉක්මවා ගොස් ඇති බවත් ආචාර්ය ජයතිස්ස අවධාරණය කළේය. වාර්ෂිකව රුපියල් බිලියන 3,000 ත් 4,000 ත් අතර ඇස්තමේන්තුගත බදු ආදායම පුළුල් ජනගහනය සඳහා ප්‍රතිලාභ උපරිම කිරීම සඳහා නිර්මාණය කර ඇති සැලසුම් සහගත, ඵලදායී රාජ්‍ය වියදම් සඳහා යොමු කිරීම සහතික කිරීම සඳහා දැන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් ඔහු පැවසීය.
ඉදිරි වසරවලදී ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා වියදම් සහ ආදායම් සමතුලිත කිරීම සඳහා අඛණ්ඩ උත්සාහයන් අත්‍යවශ්‍ය බව සඳහන් කරමින් වගකිවයුතු මූල්‍ය කළමනාකරණය සඳහා පරිපාලනයේ කැපවීම අමාත්‍යවරයා නැවත තහවුරු කළේය.
