දියත උයන ආසන්නයෙන් මතු වූ මත්ද්‍රව්‍ය , අවි සහ මුදල්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW :

ඊයේ (04) සිදු කළ වැටලීමකදී , පාර්ලිමේන්තු මාර්ගයේ දියත උයන ආසන්නයේ ඇති පාලම අසලදී පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය 65gක්, 60mg වැඩි ප්‍රමාණයක් මුදල් රුපියල් 146,000.00, ජංගම දුරකථන 03 ක්ද සිය භාරයට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී බාරුන් තිලකරත්න මාවත, මුල්ලේරියාව ලිපිනයේ දී පිස්තෝල අවියක් සහ 09 mm වර්ගයේ පතොරම් 09ක් සහිත මැගසින් 01 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 35 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙම සැකකරු ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 11 ක කාලයක් සේවය කර ඉන් ඉවත් කරන ලද පුද්ගලයකු බව අනාවරණය වී ඇත.

එමෙන්ම චූවා සමන්ත නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලිය සමග සම්බන්ධතා පනත්වන බව සහ ඒම පාර්ශවය මගින් මත්ද්‍රව්‍ය ලබා ගන්නා බවටත් වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත .

ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ කොට්ඨාශය බස්නාහිර පළාත් දකුණ දිශාව වෙත භාර දී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...