”එකමුතු බවේ දෝංකාරය” සමාප්තිය සනිටුහන් කරයි!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීම (SCOPE) සඳහා ක්‍රියාත්මක කළ ”එකමුතුබවේ දෝංකාරය”වැඩසටහනේ නිල සමාප්ති වැඩසටහන ඔක්තෝම්බර් 30 වන දින ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විය. එය ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා වසර තුනහමාරක කාලයක් තිස්සේ කරන ලද කාර්යයේ කූටප්‍රාප්තිය සනිටුහන් කිරීමකි.

2022 මාර්තුවේ සිට ඇරඹි SCOPE වැඩසටහන ප්‍රජා සහ ආයතනික හැකියාවන් වැඩිදියුණු කිරීම, වඩාත් අන්තර්කරණය වූ මහජන කතිකාවක් ප්‍රවර්ධනය කිරීම සහ ආර්ථික අන්තර්කරණය සඳහා රජයේ සහ සිවිල් සමාජයේ හවුල්කරුවන් 50 කට වැඩි පිරිසක් සමඟ කටයුතු කර ඇත. එහි ක්‍රියාත්මක කාලය තුළ SCOP ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාම 175,000 කට අධික පිරිසක් සමඟ සම්බන්ධ වී ඇත. SCOPE වැඩසටහන සඳහා යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාංශය සම අරමුදල් සපයන අතර අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සමඟ හවුල්කාරිත්වයෙන් GIZ විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.

SCOPE හි සමාප්ති වැඩසටහන සඳහා ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර ප්‍රජාව, සිවිල් සමාජය, විද්වතුන්, මාධ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් රැසක් සහභාගී වූහ. වැඩසටහනේ ලද සාර්ථකත්වය සැමරීම, ඉන් උගත් පාඩම් ආවර්ජනය සහ ඉදිරි වසරවලදී සමාජ සහජීවනය සඳහා ගම්‍යතාව පවත්වන්නේ කෙසේද යන්න සාකච්ජා කිරීමට සිදුවිය.

සම්භාවනීය අමුත්තේ අතරට ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය, වත්මන් ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර්, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ තානාපති කාමන් මොරෙනෝ සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් යන මහත්වරු ඇතුළත් වූහ.

වැඩසටහවනේ සිදු වූ සමාජ බලපෑම අවධාරණය කරමින් කාමෙන් මොරෙනෝ මහත්මිය මෙසේ සඳහන් කළේය.

” පසුගිය වසර තුනහමාරක කාලය තුළ,SCOPE වැඩසටහන,ආයතන, ප්‍රජාවන් සහ පුද්ගලයින් අතර පාලම් ගොඩනැගීමට උපකාරී වී තිබෙනවා. සමාජ සහජීවනය ශක්තිමත් කිරීමේ මෙම උත්සාහයට සහාය දැක්වීමට හැකිවීම ගැන යුරෝපා සංගමය ආඩම්බර වෙනවා. ශ්‍රී ලංකාව මෙම ගමන අඛණ්ඩව යනවිට SCOPE හරහා උගත් පාඩම් සහ ගොඩනගාගත් හවුල්කාරිත්වයන් කල්පවතින දායකත්වයක් ලෙස පවතිනු ඇති.”

යුරෝපා සංගමයේ සහ ජර්මනියේ පොදු කැපවීම අවධාරණය කරමින් ෆීලික්ස් නියුමන් මහතා මෙසේ අවධාරණය කළේය.

”විවෘත සංවාදය, සංහිඳියාව සහ අතීතයෙන් ඉගෙනීම සඳහා ජර්මනිය විශාල වැදගත්කමක් ලබාදෙනවා. අවංක අදහස් පරාවර්තනය සහ සහයෝගිතාව කල්පවතින සමජ සහජීවනය සඳහා අත්තිවාරම් ගොඩනගාගත හැකි ආකාරය SCOPE පෙන්වා දී තිබෙනවා. ආයතන ශක්‌තිමත් කරන සහ ප්‍රජාවන්ට එකට ඉදිරියට යාමට බලය ලබාදෙන වැඩසටහනකට සහය දැක්වීම ගැන අපි ආඩම්බර වෙනවා.”

සම්භාවනීය අමුත්තන්ගේ දේශනවලට අමතරව SCOPE හි බලපෑම සහ ප්‍රතිඵල පිළිබඳ ඉදිරිපත් කිරීමක්, බෙදාගත් ඉගෙනුම් පිළිබඳව නියෝජිතයින් සමඟ විද්වත් සාකච්ජාවක් සහ දිවයින පුරා පුද්ගල ආඛ්‍යාන සහ ප්‍රජා අත්දැකීම් ග්‍රහණය කරගත් ජායාරූප කථා පොතක් එළිදක්වීම මෙහිදී සිදුවිය. නිර්මාණාත්මක ප්‍රකාශනය තුළින් එකමුතුකම සමරමින්, ලලිත ටෙම්පල් ඔෆ් ෆයින් ආර්ට්ස් විසින් සිදුකළ ඉදිරිපත්කිරිමකින් උත්සවය අවසන් වූ අතර ඉන්පසු SCOPE හි හවුල්කරුවන් සහ සහයෝගිතාකරුවන් අගය කිරීම සඳහා වූ අංගයක් ද පැවැත්විණි. SCOPE හි සහය ඇතිව ක්‍රියාත්මක වූ විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානය, මතක සංචිතය සහ ශ්‍රී ලංකා බැරෝමීටර සඳහා වූ ප්‍රදර්ශන කුටිද මෙහි ඇතුළත් විය.

මෙම උත්සවය සැමරුමක් සහ පරාවර්තනයේ මොහොතක් වූ අතර SCOPE හි සාර්ථකත්වය වෙනුවෙන් ගත් සාමූහික උත්සහයන් සහ ශ්‍රී ලංකාව පුරා කළ සංවාද, අන්තර්කරණය සහ එකමුතුකම ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව කැපවූ බොහෝ පිරිස් සහ සංවිධාන අගය කළ මොහොතක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...