අද පෞද්ගලික බස් ධාවනය සැලකියයුතු ලෙස පහළට ….

Date:

අද (04) දිනයේදී ධාවනය කෙරෙනු ඇත්තේ පෞද්ගලික බස් රථවලින් 10%ක පමණ ප්‍රමාණයක් පමණක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

“කාංචන අමාත්‍යවරයාත් ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙ සභාපතිවරයාත් කියනවා අපට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලංගම හරහා ලබාදීලා තියෙනවා කියලා. නමුත් ඉරිදා දිනයේ ඛනිජතෙල් සංස්ථාව වැඩ කරන්නෙ නෑ, ඒ නිසා ඉන්ධන බෙදාහැරීමක් සිදුවෙන්නෙත් නෑ. ඉතින් මේක බරපතළ ගැටලුවක් අපට. අපේ බස් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් තමයි ලංකාව පුරා ධාවනය වෙන්නෙ. සතියක් පුරාම අඩුවෙමින් අඩුවෙමින් ගිහිල්ලා අද (03) දවස තමයි පහළම මට්ටමකට වැටිච්ච දවස. 5%ක වගේ මට්ටමක් තමයි අද ධාවනය වෙන්නෙ”

“සඳුදා (04) අපට පූර්ණ වශයෙන් ධාවනය කරන්න බෑ, 10%ක් වගේ ධාවනය කරන්න අපි උත්සාහ දරනවා”

ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...