පිලිපීනයට බලපෑ කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් 66 දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අධික වර්ෂාව හා ගංවතුර සමඟ මධ්‍යම පිලිපීනයට බලපෑ කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 66 දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වේ.

බොහෝ මරණ සිදුවී ඇත්තේ දියේ ගිලීමෙන් බව වාර්තාවන අතර ව්‍යසනය හේතුවෙන් 400,000 කට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව ජාතික ආපදා ඒජන්සිය නිවේදනය කර තිබේ.

කල්මේගි සුළි කුනාටුව වියට්නාමය දෙසට යනු ඇතැයි කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනය කරන අතර මෙය පැමිණෙන්නේ, මාසයක් වැනි කෙටි කාලයක් තුළ අඛණ්ඩව ඇති වූ ටයිෆූන් හේතුවෙන් විශාල පිරිසක් මිය ගොස් යටිතල පහසුකම් සහ භෝග වලට විශාල හානියක් සිදුවීමෙන් අනතුරුවය.

පිලිපීනයට සෑම වසරකම සාමාන්‍යයෙන් කුණාටු සහ සුළි සුළං 20 ක් පමණ බලපාන අතර, ඒවා මිලියන ගණනක් ජනතාව දරිද්‍රතාවයෙන් පෙළෙන ආපදාවන්ට ලක්වන ප්‍රදේශවලට නිරන්තරයෙන් පැහැර දේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට පියවරක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : දිවයින තුළ ළමා...

විද්‍යාඥයින් වසර මිලියන 1 ක් පැරණි නැතිවූ ලෝකයක් සොයා ගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නවසීලන්තයේ උතුරු දූපතේ...

ලෝක කුසලානයේ සමාරම්භක තරගය නොමිලේ බලන්නට එස්එස්සී ය විවෘත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...