සිවිල් වැසියන්ට ගහන අයට කැප්ටන් වීරකෝන් මතක්කර දීමයි !

Date:

සිවිල් ජනතාවට ගහන හමුදාවේ ලොකු පොඩි හැමෝමත්, රටේ ජනතාවත් කැප්ටන් වීරකෝන් නඩු තීන්දුව කියවිය යුතුය. වන්දි ගෙවන්න වෙච්ච හැටි, ඉහළ හමුදා නිලධාරීන් පහළ නිලධාරීන්ගේ ක්‍රියාවන්ට වග කිව යුතු බව, මානව හිමිකම් නඩු තීන්දුවකින් මාක් ප්‍රනාන්දු විනිසුරුතුමා පැහැදිලි කර තියෙනවා.

නාවික හමුදාවේ ‘ගැමුණු‘ යාත්‍රාවේ අණදෙන නිලධාරි කැප්ටන් වීරකෝන් ගේ පිස්තෝලේ නැතිවෙනවා. සැකකාරයාට අල්ලගෙන ගහනවා. මානව හිමිකම් නඩුවක් SC NO. 42/2002 (FR) (කැප්ටන් වීරකෝන් එදිරිව දේශප්‍රිය) යනවා. ගහපු කැප්ටන් වීරකෝන් වැරදිකාරයා වෙලා ආණ්ඩුවෙන් රු. 130,000 කුත්, වීරකෝන් රු. 20,000 කුත් ගෙවන්න වෙනවා. නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ මා මිත්‍ර උපුල් කුමරප්පෙරුම.

හමුදාවේ නියෝගය යනු උතුම් කටයුත්තකි. එම උතුම් භාවය රැකිමේ වගකීම ඉහළ නිලධාරියාට තිබේ. තමන්ගේ පහළ නිලධාරියෙකු සිදු කරන සෑම ක්‍රියාවකම වගකීම ඉහළ නිලධාරියා වගකීමෙන් බැදේ. නඩු තීන්දුවේ ඉතා පැහැදිලිව සඳහන් ය. Command responsibility පිළිබඳ ලංකාවේ අති සුවිශේෂ නඩු තීන්දුවකි.

රට පුරා මොරටුව, වාරියපොල, ගම්පහ, ඇතුළු රට පුරා හමුදාව සිදු කරන ප්‍රහාරයන්ට ඒ ඒ හමුදාවන්ගේ ප්‍රධානීන් සෘජුව වගකිව යුතු බව මේ නඩු තීන්දුවේ දැක්වේ. මාගේ මතකය නිවැරදි නම්, උඩ සිට පහලට නියෝග දීමේ වගකීම පිළිබඳ යම් මාර්ග සිතියමක් ද නාවික හමුදාව විසින් මෙම නඩුවෙන් පසුව සකස් කරනු ලැබූවා.

දිසාපති/ප්‍රා.ලේ., පොලීසිය වෙනුවෙනට හමුදාව ඉන්ධන පිරවුම්හල් පාලනයට යොමු කිරීම නිසා ලංකාව ලෝකය හමුවේ මිලේච්ඡ ජාතියක් ලෙස හංවඩු වෙමින් ඇත. ලංකාවට මේ වන විට ලැබෙන්නේ මානුෂීය ආධාරයි. ඒ අන්ත දිළිඳු කන්න නැති මේ පෝලිම්වල සිටින ජනතාව සාගතයෙන්, මරණයෙන් බේරා ගැනීම උදෙසා ය. රජයේ හමුදා ඒ අන්ත දිළිඳු ජනතාවට පහර දෙන විට, ඔළු පලන විට යුරෝපා සංගමය, ජපානය, ලෝක බැංකුව, අයි.එම්.එෆ්. තබා තමිල්නාඩුව වත් කන්නට එවන්නේ නැත.

පැයෙන් පැය, දවසින් දවස හමුදාව විසින් පොලීසියට. රාජ්‍ය නිලධාරීන්ට, විදේශිකයින්ට, පුරවැසියන්ට සිදු කරන පහරදීම්වල සෘජු වගකීම ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, ආරක්ෂක ලේකම්, ජනාධිපති විසින් දැරිය යුතුය.

This is what Justice Mark Fernando opined about command repsponsibilty in the case of Deshapriya Vs Captain Weerakoon and others(2003(1) SLR 99.

Per Fernando, J.
“In the Forces, command is a sacred trust, and discipline is paramount. He was under a duty to take all reasonable steps to ensure that persons held in custody (like the petitioner) were treated humanely and in accordance with the law. That included monitoring the activities of his subordinates, particularly those who had contact with detainees. The fact that the petitioner was being held in custody under his specific orders made his responsibility somewhat greater,”

  • රජිත් කීර්ති තෙන්නකෝන්

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...