ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW :

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන මහත්මිය ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වූ පත්ව තිබෙන බව වාර්තා වේ.

හෙට (06) පෙරවරු 9.00 ට මහරගම නාවින්න පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තු කොමසාරිස් කාර්යාලයේ දී සුමනසේන මහත්මිය නව තනතුරේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන මහත්මිය මේ දක්වා කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරියක ලෙස කටයුතු කරනු කළ අයෙකි.

කම්කරු නිලධාරීනියක් ලෙස කම්කරු දෙපාර්තුමේන්තුවේ සේවයට එක් වුණු ඇය එම දෙපාර්තුමේන්තුවේ සහකාර කොමසාරිස්වරියක් ලෙසත්, නියෝජ්‍ය කොමසාරිස්වරියක් ලෙසත් සේවය කර ඇති අතර එමෙන් ම කුවෙට් තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරියක ලෙස ද සේවය කළ අතර, ඇය රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්වීමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...