සඟවා තිබියදී සොයාගත් ඉන්ධන ප්‍රමාණය ලීටර් ලක්ෂය ඉක්මවයි

ඉන්ධන හිගය තීව්‍ර වීමත් සමග නීතිවිරෝධී ලෙස සඟවාගෙන සිටින ඉන්ධන තොග සොයා සිදු කරන වැටලීම් ඉහළ ගොස් තිබෙනවා. මේ දක්වා කාලය තුළ ආරක්ෂක අංශ මගින් සිදුකළ සමස්ත වැටලීම් ප්‍රමාණය 954 කි.

වැටලීම්වලදී ඉන්ධන ලීටර් 103,095 ක් සොයාගෙන තිබේ. පෙට්‍රල් ලීටර් 27,152 ක්, ඩීසල් ලීටර් 62,723 ක් සහ භූමිතෙල් ලීටර් 13,220 ක් ඊට අයත් වේ.

සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ප්‍රමාණය 885 කි.

ඉන්ධන තොග සඟවාගෙන සිටින පිරිස් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසන්නේ.

ඉන්ධන සම්බන්ධයෙන් කෙතරම් අර්බුදයක් නිර්මාණය වී තිබුණද තවමත් මාසයකට අවශ්‍ය ඉන්ධන තොග රටතුළ තිබෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. කෙසේ නමුත් ඇතැම් පුද්ගලයන් නීතිවිරෝධී ලෙස, අනාගත පරිභෝජනය සඳහා ඉන්ධන තොග රැස්කර ගනිමින් සිටින බවත්, මේ නිසා කෘත්‍රිම ඉන්ධන හිගයක් රටතුල මතුව ඇති බවද එම සංස්ථාව සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...