ජයග්‍රහණය බෙදාගන්න අද කට්ටිය හිටියට එදා උදව් කරන්න කවුරුවත් හිටියෙ නෑ – දකුණු ආසියානු වාර්තාව අලුත් කළ යුපුන්

Date:

මීටර් 100 ධාවන ඉසව්ව සඳහා තත්පර 10 කට අඩු කාලයක් වාර්තා කළ දකුණු ආසියාවේ පළමු ක්‍රීඩකයා වීමේ දුෂ්කර ගමන සඳහා තමන් සමග එදා සිටම සිටියේ ඉතා සීමිත පිරිසක් බවත් තම මව්බිම වූ ශ්‍රී ලංකාවෙන් කිසිදු සහයෝගයක් ඒ සඳහා නොලැබුණු බවත්, ඊයේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ජාතික හා දකුණු ආසියානු වාර්තාව අලුත් කළ, සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් පවසනවා.

දකුණු ආසියානු වාර්තාව තැබීමෙන් පසුව සිය ෆේස්බුක් පිටුව හරහා වීඩියෝවක් නිකුත් කරමින් අබේකෝන් මේ බව සඳහන් කරයි.

මෙරට ක්‍රීඩා බළධාරීන්ගෙන් උදව් ඉල්ලා යැවූ ඊමේල් පණිවුඩවලින් තම ඊමේල් ලිපිනය පිරී ඇති බව පෙන්වා දෙන යුපුන් පවසන්නේ උදව් කරන බවට පොරොන්දු වී ලැබුණු කිසිදු ඊමේල් පණිවුඩයක් ඒ අතර නොමැති බවයි.

තමා තැබූ වාර්තා බෙදා ගැනීම සඳහා උත්සාහ කරන බළධාරීන්ගෙන් තමා ඉල්ලා සිටින්නේ, තමන්ට කුමන හෝ සහයෝගයක් ලබා දී තිබෙන්නේ නම් ඒ පිළිබඳව මාධ්‍ය හරහා ප්‍රකාශ කරන ලෙසයි. ඒ පිළිබඳව දැනගැනීම සඳහා ජනතාව බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු පවසනවා.

බිලියන ගණනක් වන දකුණු ආසියානුවන් අතරින් තත්පර 10 කට වඩා අඩු කාලයදී මීටර් 100 ධාවන ඉසව්ව අවසන් කළ පළමු පුද්ගලයා බවට පත්වීම සම්බන්ධයෙන් ආඩම්බර වන බවත් තමා විස්වාස කළ අය වෙනුවෙන්, සහයෝගය ලබාදුන් අය වෙනුවෙන් මෙම ජයග්‍රහණය ලබාගත් බවත් යුපුන් අබේකෝන් සඳහන් කරනවා.

ස්විටර්සර්ලන්තයේදී පැවති මෙම ධාවන තරගය තත්පර 9.96 කින් අවසන් කිරීමට යුපුන් අබේකෝන් සමත් වූ අතර තත්පර 10 ට අඩු කාලයක් වාර්තා කළ 167 වැනි ක්‍රීඩකයා වේ. මෙම වාර්තාවද සමගින් තත්පර 10 ට වඩා අඩු කාලයක් වාර්තා කළ 32 වැනි රට බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකිව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...