මාලිමා මන්ත්‍රීවරියකගේ සැමියා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට !

Date:

ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නගරසභා මන්ත්‍රීවරියකගේ සැමියා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් ද සමග අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු එප්පාවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු ද වන 54 හැවිරිදි පුද්ගලයකු බව සඳහන්.

මීට සතියකට පමණ පෙර එප්පාවල නල්ලමුදාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද ‍තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මෙම වැටළීම සිදුකර තිබුණු අතර එහිදී අදාළ විදුහල්පතිවරයාට අයත් බව පැවසෙන එප්පාවල, ඇදගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් පසුපස වළදමා තිබියදී මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇත.

එහි හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 185ක ප්‍රමාණයක් තිබී ඇති බවත් ඒවායේ වීදි වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික වන බවත් වාර්තා විය.

එමෙන්ම අදාළ විදුහල්පතිවරයා විසින් ඒ ආසන්නයේ පිහිටි වැවකට දමා තිබුණු මත්ද්‍රව්‍ය මැනීමට භාවිතා කරන විද්‍යුත් තරාදියක් සහ පොලිතීන් සීලර් යන්ත්‍රයක් ද සොයාගෙන ඇති බවත් පොලීසිය පවසයි.

මීට අමතරව මෙම විදුහල්පතිවරයාගේ 22 හැවිරිදි පුත්‍රයා ද මීට මාසයකට පමණ පෙර හෙරොයින් ග්‍රෑම් 25ක් සමග අත් අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.

මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිස් ආරංචිමාර්ග පැවසීය.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරේන්ගෙන් කොරියාවේදී හපන්කම්

ශ්‍රී ලංකාවේ ජාතික බැඩිමින්ටන් සූරයා වන විරේන් නෙත්තසිංහ කොරියාවේ...

නේපාලය විසින් ශ්‍රී ලංකාව පරාජය කළා ද පරාජය වුණා ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 06,  කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මධ්‍යම ආසියානු...

අස්වැසුම ලබනවා කියන එක ගැන ලැජ්ජා වෙන්න ඕනෙ. ඒක නීත්‍යානුකූලව හිඟාකනවා වගේ වැඩක් – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල අඩු ආදායම්ලාභීන් සඳහා "අස්වැසුම" සුබසාධන සහනාධාර...

විජේදාසයන් මලල ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය ප්‍රඥාව විහිද වූ උපදේශකයෙකි – අනුලා කොස්තා

නිශ්මං රණසිංහ නොවැම්බර් 06,  කොළඹ LNW: කේඑල්එෆ් විජේදාස යනු ලාංකේය මලල...