පුවක් එෂැණිං – දිරි දීමනා සහ දඬුවම් ලිහිල් කිරීම

ලංකා විදුලිබල මණ්ඩලයේ මනු කියවන්නන්හට නිවැරදිව මනු කියවීම වෙනුවෙන් වැටුපට අමතරව දිරි දීමනාවක්ද ගෙවන බව කෝප් කමිටුව ඉදිරියේදී හෙලිවූ බව වාර්තා වේ.. ඒ අනුව ඊයේ දිනයේදී රැස්වූ පහත සඳහන් වෘත්තීය සමිතිද එවන් දිරි ගැන්වීමේ දීමනාවක් තමන්ටද ගෙවන ලෙස බල කරමින් වහාම උද්ඝෝෂණ පැවැත්වීමට ඒකමතිකව තීරණය කොට ඇත.

  1. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය එක් එක් නිවසේ දී හමුවූ ඩෙංගු මදුරු කීටයින් ගණන නිවැරදිව වාර්තා කිරීම වෙනුවෙන් දිරි දීමනාවක් ඉල්ලා සිටී.
  2. ලංගම බස් රියදුරෝ බස් හෝල්ට් වල බස් රථය නැවැත්වීම වෙනුවෙන් දිරි දීමනාවක් ඉල්ලා සිටිති.
  3. පොල් කඩන්නන්ගේ සංගමය නිවැරදිව පැසුණු පොල් පමණක් කැඩීම වෙනුවෙන් විශේෂ දිරි දීමනාවක් ඉල්ලති.

(දැන් මේ හරියට මීටර් එක කියවනවට මීටර් රීඩර්ට දිරි දීමනාවක් ගෙවනවයි කිව්වම මට ආපු ප්‍රශ්නෙ තමයි අඩේ..හරියට මීටර් එක කියවන එක උගෙ රාජකාරියනෙ..ඌට පඩියක් කියල එකක් ගෙවන්නෙ ඌ රාජකාරිය හරියට කරනවට..හරියට රාජකාරිය කරනවට වෙනම දීමනාවක් ගෙවනවයි කියන්නෙ එතකොට රාජකාරිය හරියට නොකලත් ඒ කියන්නෙ මීටර් එක හරියට නොකියවුවා උනත් පොරට පඩිය කොහොමත් ගෙවනවයි කියන එකනෙ..මාරයි ඕයි මේ රටේ වැඩ..මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සූ…ඇත්තම තමයි..)


නඩුවක් විභාග කිරීමේදී චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වුවද විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී පහත සඳහන් කරුනු අනිවාර්යයෙන් සළකා බැලිය යුතු බවට විනිශ්චයකාර වරුන්ට උපදෙස් ලැබී ඇති බව අධිකරණ ආරංචි මාර්ග පවසයි..

  1. විත්තිකරුගේ නිවස මෑතකදී ගිණි තබා විනාශ කොට ඇතිද? යන්න….
  2. විත්තිකරුගේ දියණිය තම විවාහය ප්‍රමාදවීම නිසා විශාදයෙන් පෙලන්නේද? යන්න…
  3. විත්තිකරුට සිර දඬුවමක් නියම කලහොත් ඔහුගේ පරම්පරාවේ කීර්තිනාමයට ඉන් කැලලක් සිදුවේද ? යන්න..
  4. විත්තිකරුගේ සුරතල් බල්ලා බත් කන්නේ විත්තිකරුගේ අතින් පමණක් නිසා විත්තිකරු බන්ධනාගාර ගත කළහොත් සුරතල් බල්ලා නිරාහාරව මියයයිද? යන්න…
  5. විත්තිකරුගේ ගෙදර මිදුලේ ඇති රඹුටන් ගසේ ගෙඩි කෑමට රාත්‍රියේදී පැමිණෙන වවුලන් එලවා දමන්නෙ විත්තිකරු බැවින් ඔහු බන්ධනාගාර ගත කලහොත් රඹුටන් පලදාව වවුලන්ටම සින්නවී යාවිද? යන්න…

නිදහස් සිතුවිලි

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...