මගේ අපේක්ෂාව 13 බලාත්මක කිරීමයි – සජිත් ඉන්දියාවේදී කියයි

Date:

කොළඹ LNW:13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සිය ස්ථාවරය වන අතර ඒ වෙනුවෙන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඉන්දීය සංචාරය අතරතුර නවදිල්ලියේ පැවති ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන දේශනයට එක්වෙමින් පැවසුවේය.

ඔහු ඒ බව පැවසුවේ ඊට සහභාගී වී සිටි මාධ්‍යවේදියෙක් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු අතර එහි වගකීම ශ්‍රී ලංකා රජය වෙත පැවරී ඇති බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සෑම විටම ඉන්දියාවේ ජාතික ආරක්ෂක අභිලාෂයන් තහවුරු කිරීමට සහය වනු ඇතැයි අපේක්ෂා කරන බවද එහිදී ඔහු ප්‍රකාශ කළේය.

ඉන්දියාව ගෝලීය සුපිරි බලවතෙක් ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය හිමිවිය යුතු බවද ප්‍රේමදාස මහතා පවසන ලදී.

එමෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකට වැඩ කිරීම මඟින් දෙරට වෙතම සෞභාග්‍ය උදාවනු ඇතැයි ඔහු තවදුරටත් කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...