මගේ අපේක්ෂාව 13 බලාත්මක කිරීමයි – සජිත් ඉන්දියාවේදී කියයි

Date:

කොළඹ LNW:13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සිය ස්ථාවරය වන අතර ඒ වෙනුවෙන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඉන්දීය සංචාරය අතරතුර නවදිල්ලියේ පැවති ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන දේශනයට එක්වෙමින් පැවසුවේය.

ඔහු ඒ බව පැවසුවේ ඊට සහභාගී වී සිටි මාධ්‍යවේදියෙක් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු අතර එහි වගකීම ශ්‍රී ලංකා රජය වෙත පැවරී ඇති බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සෑම විටම ඉන්දියාවේ ජාතික ආරක්ෂක අභිලාෂයන් තහවුරු කිරීමට සහය වනු ඇතැයි අපේක්ෂා කරන බවද එහිදී ඔහු ප්‍රකාශ කළේය.

ඉන්දියාව ගෝලීය සුපිරි බලවතෙක් ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය හිමිවිය යුතු බවද ප්‍රේමදාස මහතා පවසන ලදී.

එමෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකට වැඩ කිරීම මඟින් දෙරට වෙතම සෞභාග්‍ය උදාවනු ඇතැයි ඔහු තවදුරටත් කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW):  ඩේවිඩ් බෙකම් හට...

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...

සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!

කොළඹ LNW:සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාළ...