සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW:

ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට, මෙවර සූරතාවය මඟ හැරුණ ද, හොංකොං සය සාමාජික තරගාවලියේ බඳුන ශූරතාව දිනාගන්නට සමත් විය. ලදි. අවසන් තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 21 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම බඳුන ශූරතාව දිනාගත්තේය.

අවසන් තරගයේදී පිත්තෙන් පිත්තෙන් විශිෂ්ට දස්කම් පෙන්වූ සචිත ජයතිලක නොදැවී ලකුණු 52 ක් ලබාගැනීමට සමත් විය. ජයතිකලගේ පිතිහරඹය හයේ පහර 6 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත වූ පන්දු 13 න් රැස් කර ගත් ඔහුගේ ලකුණු 52 න් ලකුණු 48 ක්ම හයේ සහ හතරේ පහර වලින් යුක්ත විය.

ළහිරු සමරකෝන් ද පන්දු 4 කින් ලකුණු 14 ක් ලබාගත්තේය. ධනංජය ලක්‍ෂාන් සහ නිමේෂ් විමුක්ති එක්ව අවසන් පන්දු 16 දී ලකුණු 28 ක් ලබාගත් බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 6 ක් අවසානයේදී කඩුලු 2 ක් දැවී ලකුණු 106 ක් ලබා ගැනීමට සමත් විය.
ලකුණු 107 ක ඉලක්කයක් කරා ගිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිතිකරුවෝ ඕවර 6 කදී ලකුණු 85 කට සීමා වූහ.

සිකුරාදා (7 වැනිදා) පැවැති මූලික වටයේ තරග දෙකම පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සූරතා සටනෙන් බඳුන තරගාවලියට පහත වැටිණ. එහෙත් සෙනසුරාදා (8 වැනිදා) පැවැති බඳුන තරගාවලියේදී නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එහි අවසන් පූර්ව වටයට පිවිසීමට සුදුසුකම් ලබාගත්හ.

බඳුන තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ඉන්දියාව ලකුණු 48 කින් පරාජය කරමින් ලංකා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර අනෙක් අවසන් පූර්ව තරගයේදී නේපාලය ලකුණු 43 කින් පරාජය කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...