ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!

Date:

කොළඹ LNW:ආයෝජන ආරක්ෂණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර තිබේ.

ව්‍යවසායයන් සහ දේපල ඇතුළු පුද්ගලික දේපල අත්තනෝමතික ලෙස ජනසතු කිරීම වැළැක්වීම, ඵලදායී විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් ලෙස ආයෝජන ආරක්ෂණ මණ්ඩලයක් ස්ථාපිත කිරීම සහ ආයෝජකයින් සඳහා ප්‍රතිපත්ති ස්ථාවරත්වය සහ පුරෝකථනය කිරීමේ හැකියාව සහතික කිරීම යන අරමුණු ළඟා කරගැනීම පිණිස නව පනතක් හඳුන්වා දීමට නියමිතයි.

එය 2025 අයවැය මඟින්ද යෝජනා කර තිබුණි.

ඒ අනුව, පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් පිළියෙල කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කර තිබුණි.

එම කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති සංකල්ප පත්‍රිකාව මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...