කෙඳිරි ගාන්න එපා. බී ළූණු 200 ට අල 300 ට මිලදී ගන්න ලෑස්ති වෙන්න ! – ඇමති ලාල් පාරිභෝගික ජනතාවට කියයි

Date:

මීළඟ කන්නයේ සිට බී ළූණු සහ අල සඳහා ඉහළ ස්ථාවර මිලක් ගොවි ජනතාවට ලබාදීමට රජය කටයුතු කරන බැවින් වඩාත් ඉහළ මිලකට වෙළඳපොලෙන් බී ළූණු සහ අල මිලදී ගැනීමට පාරිභෝගික ජනතාව සූදානම් විය යුතු බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“සතොස බී ළූණු මිලදී ගන්නවා රුපියල් 145 ට. අද වෙනකොට වෙළඳපොලේ රුපියල් 160 – 165 යි, දඹුල්ල ආථික මධ්‍යස්ථානයේ රුපියල් 165 – 170 යි. බී ළූණුවලට බද්ද තිබ්බේ රුපියල් 10 යි පිටරටින් ගේන ඒවාට. ඒකට තව රුපියල් 40ක් එකතු කරලා රුපියල් 50 ක බද්දකුත් ගැහුවා. ඒත් ගොවි ජනතාව වෙනුවෙන්. මිලදී ගැනීමේ වැඩපිළිවෙලකුත් ගෙනාවා රජය. ඒත් ගොවි ජනතාව වෙනුවෙන්. නමුත් ඇත්ත ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳිලා නැහැ. අපි බී ළූණුවලට මිලක් කියනවා, ඊළඟ කන්නයේ ඉඳන් ඒ මිලට ගන්නවා, අපි ගණනය කරලා තියෙනවා, අපි ස්ථිරවම බී ළූණුවලට රුපියල් 150ක මිලක් ගොවි ජනතාවට ඊළඟ වතාවේ ලබාදෙනවා. හැබැයි කියන්න ඕනෙ, ඒ නිසා පාරිභෝගික ජනතාව සහ විපක්ෂයේ මන්ත්‍රීවරුත් ලෑස්ති වෙන්න ඕනෙ බී ළූණු කිලෝ එකක් වෙළඳපොලෙන් රුපියල් 200කට වත් මිලදී ගන්න. දැනට තියෙන්නෙ 180 ට. එහෙනම් අපි කියනවා හැමෝටම ඒ කැපවීම කරමු. අපි ගොවීන්ගෙන් අල කිලෝ එකක් ගන්නම් 220 ට. එතකොට අල කිලෝ එකක් වෙළඳපොලෙන් ගන්න සූදානම් වෙන්න වෙනවා රුපියල් 240 කට, 250 කට, අල කන්න ලෑස්ති වෙන්න වෙනවා පාරිභෝගිකයාට රුපියල් 300 කට. දැනටත් මිලදී ගැනීම් තියෙනවා, ප්‍රශ්නය විසඳීගෙන යන්නෙ. හැබැයි ඒ විසඳුම් දෙනකොට කෙඳිරි ගාන්නත් එපා කවුරුත්”

කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (11) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...