ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරය පිටුපස ‘ඉන්දියාවේ නියෝජිතයන්’ සිටින බව පකිස්ථානය කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් 30 දෙනෙකු රෝහල්ගත කිරීමට හේතු වූ ඉස්ලාමාබාද්හි ශ්‍රීනගර් අධිවේගී මාර්ගයේ දිස්ත්‍රික් හා සැසිවාර අධිකරණ ගොඩනැගිල්ලෙන් පිටත සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරය ඉන්දියාව විසින් මෙහෙයවන ලද්දක් බව අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කර තිබේ.

ඊයේ(11)දිනයේදී මාධ්‍ය අමතමින් අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ, ඉන්දියානු රාජ්‍ය ත්‍රස්තවාදයේ නරකම උදාහරණ වේ. ඉන්දියාවේ එවැනි දුෂ්ට කුමන්ත්‍රණ ලෝකය හෙළා දැකීමට කාලය බවයි.

කෙසේ නමුත්, ප්‍රහාරයේ වගකීම ටෙහ්රීක්-ඊ-තලේබාන් පකිස්ථාන (TTP) සන්නද්ධ කණ්ඩායමෙන් වෙන් වූ කණ්ඩායමක් වන ජමා-උල්-අහ්රාර් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.

බලුකිස්තානයේ නොසන්සුන්තාව ඇති කරන බවට පකිස්ථානය අවස්ථා ගණනාවකදී නවදිල්ලියට චෝදනා කර ඇති අතර ඉන්දියාව මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...

රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පැය 24ක් තුල...

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට පැය 72ක රැඳවුම් නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: අත්අඩංගුවට ගෙන සිටින හිටපු...