ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයනවක විනිසුරු පාඨමාලාව සාර්ථකව පවත්වයි

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW:

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ නවක බැඩ්මින්ටන් විනිසුරුවරුන් සඳහා වන සුදුසුකම් සපුරාලීමේ පාඨමාලාව පසුගියදා කොළඹ විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදි සාර්ථකව නිමාවට පත්විය. ශ්‍රී ලංකාවේ පළාත් 9ම ආවරණය වන පරිදි පැවැති මේ පාඨමාලාව සඳහා නවක අයැදුම්කරුවන් 66කට වැඩි පිරිසක් සහභාගි වූ අතර, පළපුරුදු විනිසුරුවරුන් 70 දෙනකු ද තාක්ෂණික නිලධාරින් ලෙස අත්දැකීම් ලබාගැනීමේ අරමුණින් එම පාඨමාලාවකට එක්වී සිටියහ. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සම්මේලනයේ සහතිකලත් නිලධාරින් විසින් එම පාඨමාලා මෙහෙයවූ අතර, ඊට ප්‍රයෝගික සහ ලිඛිත පරීක්ෂණ ඇතුළත් විය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික බැඩ්මින්ටන් ශුරතාවලි ඉලක්ක කරමින් පැවැති විනිසුරුවරුන් පුහුණු කිරීමේ පාඨමාලාව ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම පැවැති අතර, එය ජාතික මට්ටමේ තාක්ෂණ නිලධාරින් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ගනු ලැබූ සාර්ථක පියවරකි. මේ සඳහා බැංකු ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයෙහිම රැකියාවේ නිරතව සිටින අයැදුම්කරුවන් එක්වී සිටි අතර, එය බැඩ්මින්ටන් ක්‍රීඩාව තුළ වර්ධනය වන වෘත්තීයභාවය පෙන්නුම් කළ අවස්ථාවක් ද විය. පාඨමාලාවට සහභාගි වූවන්ගෙන් වැඩි පිරිසක් ජාතික තාක්ෂණික නිලධාරින්ගේ සංචිතය තවදුරටත් ශක්තිමත් කරමින් ලබන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත 73 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියේදි විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් ලෙස සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාතික හා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි සඳහා විදේශීය තාක්ෂණික නිලධාරීන්ට ආරාධනා කිරීම සහ ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් තාක්ෂණික නිලධාරීන්ට විදෙස් තරගාවලි අත්දැකීම් ලබා දීම වැනි වැදගත් කරුණු සම්බන්ධව මෙරට ප්‍රවීණ තාක්ෂණික නිලධාරින් සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා අතර මෙහිදී සාකච්ඡාවක් ද පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපතිවරයා තාක්ෂණික නිලධාරින් සඳහා අඛණ්ඩව අධ්‍යාපනික සහ වෘත්තීය සංවර්ධන පාඨමාලා පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කළ අතර, දකුණු ආසියාතික කලාපයේ හොඳම තාක්ෂණික නිලධාරින් සිටින රට ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන බව ද ඒ මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර මට්ටමෙන් ද ශ්‍රී ලංකාවේ තාක්ෂණික නිලධාරින් දෙවැනි ස්ථානයේ පසුවන බවත්, එය ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් බවත් රොෂාන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය. එමෙන්ම මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා විනිසුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන සාර්ථකව සංවිධාන කිරීම සම්බන්ධව ඒ මහතා බැඩ්මින්ටන් තාක්ෂණික කමිටුවට සිය ස්තුතිය පළ කර සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21...

It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein

සටහන – පුලී නොවැම්බර් 12, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටෝරෝගේ "Frankenstein(ෆ්‍රැන්කන්ස්ටයින්)"...

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය...

එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්

අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි...