එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීම අද (13)..

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අමෙරිකානු රජයේ කටයුතු යළි ආරම්භ කිරීම සදහා එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීම අද (13) දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ. පසුගිය දා අරමුදල් සම්මත නොකිරීම හේතුවෙන් එම මණ්ඩලය වසා දමා ඇති බව වාර්තා විය.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, රජයේ කටයුතු අවහිර කිරීම අවසන් කර රජයට අරමුදල් සැපයීමට අදාළ පනතක් එක්සත් ජනපද සෙනට් සභාව විසින් සම්මත කර ඇති අතර එම පනත් කෙටුම්පත අනුමැතිය සදහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කිරිමට නියමිත බවයි. විදෙස් වාර්තා අනාවරණ කර ඇත්තේ, එය සම්මත වුවහොත් එම පනත් කෙටුම්පත අනුමැතිය සදහා අද පස්වරුවේම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීමට නියමිත බවයි.

අමෙරිකානු රජයේ කටයුතු අක්‍රීය වී මේ වනවිට දින 43 ක් ගත වි තිබෙන අතර, ඒ රජයේ කටයුතු පවත්වාගෙන යාමට අදාළ අරමුදල් අත්හිටුවීම හේතුවෙනි. විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, එය අමෙරිකානු ඉතිහාසයේ රජයේ කටයුතු වසා දැමුණු දීර්ඝතම කාලසීමාව ලෙසයි.

පාලක රිපබ්ලිකන් පක්ෂය ඉදිරිපත් කළ අරමුදල් පැකේජයක් සෙනට් මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත කිරීම, ඩිමොක්‍රටික් පක්ෂය විසින් අවහිර කිරීම හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපද රජය නිල වශයෙන් වසා දැමීමට සිදුවුණේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදීයි.

අදාල අරමුදල් පැකේජයෙන් සෞඛ්‍ය සඳහා වෙන්කර ඇති මුදල් වැඩිකරන ලෙස ඩිමොක්‍රටික් පක්ෂය විසින් ඉල්ලා තිබූ අතර පාලක රිපබ්ලිකන් පක්ෂය එකඟ නොවීම හේතුවෙන් එම අරමුදල් පැකේජය සම්මත කිරීම ඩිමොක්‍රටික් පක්ෂය විසින් අවහිර කර තිබුණි. අමෙරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලයේ බහුතර බලය පාලක රිපබ්ලිකන් පක්ෂය සතු වුවද සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිව ඇති බැවින් එලෙස අදාල අරමුදල අවහිර කිරීමට හැකි වුණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ හේතුවෙන් ෆෙඩරල් සේවකයින් දහස් ගණනක වැටුප් අහිමිවීම හෝ සේවයෙන් ඉවත් කිරීම වැනි ගැටළුවලට මුහුණපෑමට සිදුවූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...