මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දීම : නොරොච්චෝලේ පොලිස් OIC ට දිගින් දිගටම චෝදනා. තවත් හඬපට එළියට !

Date:

නොරොච්චෝලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති රවී පදමකුමාර එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වමින් එම ජාවාරම්වලට ආධාර අනුබල දෙන බවට දිගින් දිගටම චෝදනා නැඟෙමින් තිබේ.

එම ස්ථානාධිපතිවරයා විවිධ ජාවාරම්කරුවන් සමග සිදුකළ බව පැවසෙන දුරකථන සංවාදවල හඬපට කිහිපයක්ම මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මහතා ද පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණේ මෙසේ ය.

“ඔබතුමා කිව්වානෙ පොලීසිය හෝ හමුදාව සම්බන්ධයි නම් තොරතුරු දෙන්න කියලා. නොරොච්චෝලේ OIC කතා කරලා කියනවා දුරකථනයෙන් ලොජ්කාරයාට තව හය දෙනෙක් එනවා, ඔක්කොම ලෑස්ති කරන්න, එන මාසෙ දෙන මුදල් දැන් දෙන්න ඕනෙ නෑ, ඒක 50,000ක් කරන්න, ඒ විදියට එයා කරන වොයිස් එකක් ඇවිල්ලා තියෙන්නෙ. ඇත්තටම ඒ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වලට එයා තමයි සම්පූර්ණ සහයෝගය දෙන එක්කෙනා. කිසිම ඇක්ෂන් එකක් අද වෙනතුරු අරගෙන නෑ එයාට විරුද්ධව. හොයලා බලලා කරන්න ඒක”

මෙම ස්ථානාධිපතිවරයාට අදාළව සමාජ මාධ්‍ය තුල සංසරණය වන හඬපට කිහිපයක් පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...