මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දීම : නොරොච්චෝලේ පොලිස් OIC ට දිගින් දිගටම චෝදනා. තවත් හඬපට එළියට !

Date:

නොරොච්චෝලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති රවී පදමකුමාර එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වමින් එම ජාවාරම්වලට ආධාර අනුබල දෙන බවට දිගින් දිගටම චෝදනා නැඟෙමින් තිබේ.

එම ස්ථානාධිපතිවරයා විවිධ ජාවාරම්කරුවන් සමග සිදුකළ බව පැවසෙන දුරකථන සංවාදවල හඬපට කිහිපයක්ම මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මහතා ද පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණේ මෙසේ ය.

“ඔබතුමා කිව්වානෙ පොලීසිය හෝ හමුදාව සම්බන්ධයි නම් තොරතුරු දෙන්න කියලා. නොරොච්චෝලේ OIC කතා කරලා කියනවා දුරකථනයෙන් ලොජ්කාරයාට තව හය දෙනෙක් එනවා, ඔක්කොම ලෑස්ති කරන්න, එන මාසෙ දෙන මුදල් දැන් දෙන්න ඕනෙ නෑ, ඒක 50,000ක් කරන්න, ඒ විදියට එයා කරන වොයිස් එකක් ඇවිල්ලා තියෙන්නෙ. ඇත්තටම ඒ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වලට එයා තමයි සම්පූර්ණ සහයෝගය දෙන එක්කෙනා. කිසිම ඇක්ෂන් එකක් අද වෙනතුරු අරගෙන නෑ එයාට විරුද්ධව. හොයලා බලලා කරන්න ඒක”

මෙම ස්ථානාධිපතිවරයාට අදාළව සමාජ මාධ්‍ය තුල සංසරණය වන හඬපට කිහිපයක් පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...

“Justice Mission 2025” දෙවන දිනය ආරම්භ කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය තායිවානය වටා...

භූමරංග රංග සහ පවිත්‍රට ඇති පවිත්‍ර කිරීමේ අභියෝග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේ මහනුවර...