වෙළද සේවා ඩී කොටසේ තරගාවලියට මංචි සමඟ අලුත් රසක්

Date:


නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW:

හය වන වරටත් වෙළද සේවා ක්‍රිකට් සංගමය [Mercantile Cricket Association] මෙහෙයවන ‘ඩී’ කාණ්ඩයේ පන්දු වාර පනහේ ලීග් ක්‍රිකට් තරගාවළියට අනුග්‍රාහකත්වය දක්වන ශ්‍රී ලංකාවේ ප්‍රමුකතම ආහාර නිශ්පාදන සමාගමක් වූ සීමාසහිත සිලෝන් බිස්කට් [සීබීඑල් සමුහය CBL Group] මෙවර තරගාවලියට අලුත් රසයන් කිහිපයක්ම එකතු කරන්නට එකඟ වී තිබෙනවා. ඒ අනුව මෙවර තරගාවලියට පහත සඳහන් අංග එකතු වීමට නියමිතයි.

  1. තරග පන්දු වාර 40 සිට පන්දු වාර 50 දක්වා වැඩි කර ඇත
  2. වර්ණ ඇදුම් සහ සුදු පන්දු හදුන්වා දීම
  3. ලීග් තරගාවළිය ලණු තිළි [මැටිං විකට් Matting Wicket] මත තරග කර, පිළිමඵන් පිටු දැකීමේ [Knock Out] අධියර තණ තිළි [Turf Wicket ] මත ක්‍රීඩා කරනු ඇත.
  4. දෙසැමබර් 14 දින පැවැත්වෙන අවසන් තරගය සීසීසී [CCC] පිටියේ විදුළි ආලෝකය යටතේ පැවැත්වෙනු ඇත.
  5. රූපවාහිණි නාලිකා සහ සමාජ ජාල [Television and Social Media] හරහා තරග සජීවී ව විකාශණය කරනු ලැබේ.

මේ සම්බන්ධයෙන් සීමාසහිත සිලෝන් බිස්කට් සමාගම [සීබීඑල් සමූහය] නියෝජනය කරමින් එහි අලෙවි කළමණාකාර මහේෂ් අනුරාධ ප්‍රකාශ කළේ සිය සමාගම ක්‍රීඩාව වෙනුවෙන් අනුග්‍රහයන් දැක්විමට බැදී සිටින බවයි.වසර 14 ක් ක්‍රිකට් සමඟ කටයුතු කරන අනුග්‍රාහකයෙක් වන සිය සමාගම මේ වන විට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඇඳුමේ පිට පැත්තේ සිය අනුග්‍රාහක නම සඳහන් කර ගැනීමට අනුග්‍රාහකත්වයහ හරහා සමත් වී සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.මහේෂ් අනුරාධ පෙන්වා දෙන්නේ ක්‍රිකට් මෙන්ම ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවටත් විශාල අනුග්‍රහයක් සිය ආයතනය දක්වන බවය.වසර හයක් තිස්සේ හොඳ සහයෝගයකින් වෙළද සේවා ක්‍රිකට් සමඟ කටයුතු කරන තම ආයතනය ඉදිරියටත් ඒ වෙනුවෙන් කැප වෙන බව පෙන්වා දුන්නේය.


වෙළද සේවා ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් එහි සභාපති මහේෂ් ද අල්විස් අදහස් දක්වමින් මේ තරගාවලියේ කිසිඳු තරගයක් අවලංගු කිරීම සිය ප්‍රතිපත්තිය බව පැවසූ අතර එහෙත් සුවිශේෂී අවස්ථාවන්වල එවැනි තීරණ ගත් අවස්ථාද ඇති බව පැවසීය.කණ්ඩායමකට පළමු පෙළ ක්‍රීඩකයන් ඇතුළත් කිරීමේ සීමාවක් නැතත්,තරගයක් ක්‍රීඩා කරන අවසන් 11 දෙනා අතර සිටිය හැක්කේ එවැනි ක්‍රීඩකයින් සිව් දෙනෙකු පමණක් බව ද පෙන්වා දුන්නේය.
එසේම වෙළද සේවා ක්‍රිකට් සභාපතිවරයා පෙන්වා දුන්නේ යම් වටිනා මූල්‍ය ත්‍යාගයන් ප්‍රදානය කළ ද,එය සාපේක්ෂව වෙනත් ත්‍යාග මුදල් සමඟ ගලපන්නට යාම නොකළ යුතු වන්නේ වෙළද සේවා ක්‍රිකට් පරිපාලනය දක්ෂ ක්‍රීඩකයන්ට සිය ජීවිතය සහ ක්‍රිකට් වෙනුවෙන් රැකියා අවස්ථා ලබා දීම මූලික අරමුණ කරගෙන කටයුතු කරන සංවිධානය බව පෙන්වා දෙමින්ය.මේ වන විට හොඳ පහසුකම් සහිත ක්‍රීඩාංගණ මේ තරගාවලිය සම්බන්ධයෙන් සොයමින් සිටින බව පෙන්වා දුන් සභාපතිවරයා පැවසුවේ, යම් අවිවේකී සහ කාර්යබහුල තත්ත්වයක් ක්‍රීඩා පිටිවල දකින්නට තිබුණත් යහපත් මට්ටමෙන් පහසුකම් පවතින ක්‍රීඩා පිටි සොයා දීමට ඉදිරි දින කිහිපය තුළ සිය සංගමයට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවය.

වෙළද සේවා ක්‍රිකට් සංගමයේ 2026 තරගවාරය ඇරඹමින් පැවත්වෙන පළමු තරගාවලිය මෙය වන අතර මෙවර ‘සීබීඑල් – මන්චි’ කුසළාණය [CBL – Munchee Trophy] ජය ගැනීම වෙනුවෙන් කණ්ඩායම් දහ හතරක් [14] ඉදිරිපත් වී ඇති අතර කාණ්ඩ තුනක් යටතේ ඔක්තෝබර් මස දහ අට [18] වන දින තරගාවළිය ආරම්භ වී ඇත. තරගාවළිය නිම වන්නේ දෙසැම්බර් මස දහ හතර [14] වන දිනය.

සහභාගී වන කණ්ඩායම් සහ කාණ්ඩ
‘ ඒ ’ කාණ්ඩය [කණ්ඩායම් 5] – සීමාසහිත සෙලින්කෝ ජෙනරල් රක්ෂණ සහාගම [Ceylinco General Insuarance] , පීපල්ස් ලීසිං [Peoples Leasoing], සෙන්ට්‍රල් ෆිනෑන්ස් [Central Finance], කළම්බො ඩොක් යාර්ඩ් [Colombo Dockyard], ඉන්ග්ලිශ් ටී ෂොප් [English Tea Shop]
‘ බී ’ කාණ්ඩය [කණ්ඩායම් 4] – සේලාන් බැංකුව [Seylan Bank] , ඩයලොග් ඇක්සියාටා [Dialog Axiata] , නේශන්ස් ට්‍රස්ට් බැංකුව [Nations Trust Bank] , මෙල්වයර් රෝලිං [Melwire Rolling]
‘ සී ’ කාණ්ඩය [කණ්ඩායම් 5 ] – අබාන්ස් සමුහය [Abans Group] . ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් [George Steuart Health], රිවොකෙයා සොලූෂන්ස් [Revocare Solutions] , පවර් හෑන්ඩ් ප්ලාන්ටේශන්ස් [Power Hand Plantations] , යොකොහෝමා ටීවීඑස් [Yokohoma TVS]
තරගාවළිය අධියර දෙකකින් පවත් වනු ඇත.
ලීග් අධියර [League Stage] – තරග විසි අට [28] කින් සමන්චිතය.
පිළිමළුන් පිටු දැකීමේ අධියර [Knock Out Stage] – අවසන් මහා තරගය සමග තරග අට [08] කින් සමන්චිතය.
පළමු අධියරය අවසානයේ දී, කාණ්ඩ තුනෙහි පළමු කණ්ඩායම් තුන [ලබා ගත් ප්‍රසාද ලකුණු සහ ලකුණු ලබා ගත් වේගය අනුව] [Based on points and Net Run Rate NRR] කණ්ඩායම් නවයක් [09] දෙවන අධියර සදහා සුදුසු කම් ලබනු ඇත.
මෙම කණ්ඩායම් නවය ලබා ගත් ප්‍රසාද ලකුණු සහ ලකුණු ලබා ගත් වේගය අනුව පෙල ගස්වා, අට වන සහ නව වන ස්ථානයනට පත්වූ කණ්ඩායම් දෙක අතර පිළිමළුන් පිටු දැකීමේ තරගයක් පවත්වා ජයග්‍රාහක කණ්ඩායම අර්ධ අවසන් පුර්ව [Quater Final] තරග සදහා සුදුදුකම් ලබනු ඇත.
පසු ගිය වසරේ තරගාවළියේ අවසන් තරගයේ දී නේශන්ස් ට්‍රස්ට් බැංකුව [Nations Trust Bank] එක් කඩුල්ලකින් පරදවමින් මෙල්වයර් රෝලිං සමාගම [Melwire Rolling] ජය අත් කර ගත්හ.
ක්‍රීඩක පාලක කණ්ඩායම (PCT)

සෑම තරගක් සදහාම වෙළද සේවා ක්‍රිකට් සංගමය විසින් පත් කරන ලද තරග තීරක වරයකු, ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය [ACUSL] විසින් පත් කරන ක්‍රිකට් විනිසුරුවන් සහ ශ්‍රී ලංකා ලකුණු සටහන් කරුවන් [SLCS] විසින් පත් කරන ලකුණු සටහන් කරුවන් යොදවනු ඇත.

අතර මගදී තරගයකට බාදාවක් සිදුවුවහොත් ඩක්වර්ත් – ලුව්ස් -ස්ටර්න් [DLS] න්‍යායට අනුව තරගය තීරණය කරණු ඇත.

නිල තරග පන්දුව

අවසන් මහා තරගය දක්වා සෑම තරගයක් සදහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය [Sri Lanka Cricket] විසින් ප්‍රධානය කරන ලද ග්‍රේස් කැවැලියර් [Grays Cavallier] සුදු පන්දු භාවිතා කරනු ඇත.

විශේෂ ත්‍යාග

මෙම තරගාවළියේ හොදම පිතිකරුට, හොදම පන්දු යවන්නාට, අවසන් තරගයේ වීරයාට සහ තරගාවළියේ වීරයාට විශේෂ ත්‍යාග පිරිනමනු ඇත

වෙළදසේවා ක්‍රිකට් සංගමයට නිල වශයෙන් අනුග්‍රාහකත්වය ප්‍රදානය කිරීමේ උත්සවය සහ මාධ්‍ය සාකාච්ඡාව 2025 නොවැම්බර් මස දොළොස් [12] වන දින පස්වරු 6.30 ට වෙළදසේවා ක්‍රිකට් සංගමයේ ලෙජන්ඩ්ස් [Legends Wing] ශාලාවේ දී පවත් වන ලද අතර එහිදී සිලෝන් බිස්කට් සමාගම [සීබීඑල් සමූහය] නියෝජනය කරමින් එහි අලෙවි කළමණාකාර මහේෂ් අනුරාධ [Mr. Mahesh Anuradha – Marketing Manager] සහ කාණ්ඩ කළමණකාර ජයසංඛ පෙරේරා [Mr. Jayasankha Perera – Category Manager] සහභාගී වූ අතර, වෙළද සේවා ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් එහි සභාපති මහේෂ් ද අල්විස් [Mr Mahesh de Alwis] . ප්‍රධාන ලේකම් රොහාන් සෝමවංස [Rohan Somawansa] සහ අනුග්‍රාහකත්ව කමිටුවේ සභාපති සහ උප භාණ්ඩාගාරික හසිත දසනායක [Hasitha Dasanayake] ද එක් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව ෂැංහයි...

නවදිල්ලියේ පිපිරීම් මාලාවක සැලසුමක් ගැන අනාවරණයක්?

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල පසුගිය 10...

ලාංකේය විනිසුරුවන් තිදෙනකොට ජාත්‍යන්තර වරම්

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: සුගතදාස ගෘහස්‍ත ක්‍රීඩාංගණයේදී පැවැත්...

වැඩි ඡන්දයෙන් සම්මත වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ජාතික ජන බලවේගය...