වතුකම්කරු වැටුප් වැඩි කිරීම ගැන නීත්‍යානුකූලභාවය තහවුරු කරන්න – සමඟිය අල්ලස් කොමිසමටත් ලියයි!

Date:

කොළඹ LNW:2026 අයවැය මඟින් වතුකම්කරුවන් වෙත වැඩිකරන ලද වැටුපේ නීත්‍යානුකූලභාවය සහතික කරන ලෙස අල්ලස් කොමිසම,විගණකාධිපති සහ ප්‍රසම්පාදන කොමිෂන් සභාව ආයතන වෙතින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය ඉල්ලා සිටියි.

එම ඉල්ලීම ඇය විසින් ලිඛිතව සිදුකර ඇති තිබෙන බව සඳහන්.

උක්ත වැටුප් වැඩිකිරීමේ නීත්‍යානුකූලභාවය ගැන විපක්ෂය විසින් ප්‍රශ්න කරමින් සිටින අතර ඔවුන් පවසන්නේ රජයේ බදු මුදල් එලෙස භාවිතා කළ නොහැකි බවයි.

කෙසේවෙතත් ඊයේ (12) පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා විපක්ෂයේ මෙම හැසිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේය.

”වතුකම්කරු වැටුප් වැඩිවීම, එය වතු හාම්පුතුන්ගෙන් 200ක් සහ රජයෙන් රු.200ක් සහිතව 1750 දක්වා වැඩිකරනවා කිව්වම මොකක්ද අපට හිතෙන්න ඕනේ. අපිට සතුටු හිතෙන්න එපැයි. මේ රටේ ඕනෑම මනුස්සයෙකුට සතුටු හිතෙන්න ඕනේ. මේ රටම ඒ මිනිස්සුන්ට ණයයි. අවුරුදු 200ක් තිස්සේ මේ රටට ඩොලර් ගෙනාපු මේ රට සාරවත් කරපු හැබයි ඒ වෙනුවෙන් අවම වරප්‍රසයක්වත් නැති, අවම වැටුපක්වත් ගත්තේ නැති මිනිස්සු. ඒකට කරන්න තියෙන දේවල උත්සහ කරලා මේ මොහොතේ ලොකු තර්කයක් මතුකරගෙන එනවා රජයෙන් රු. 200 දෙන එක වැරදියි කියල. කොහොමද එහෙම කියන්නේ ඉතාම නරකයි. දැන් මේ රු. 200 ආණ්ඩුවෙන් දෙන්නේ කොහොමද කියල අහන කට්ටිය 2015 ජන්ද පොරොන්දුවක් රු.1000 දක්වා වතුකම්කරු වැටුප් වැඩි කිරීම. මනෝ ගනේෂන් මන්ත්‍රීතුමාට මතක ඇති. මොකක්ද වුණේ අවුරුදු හතරටම මොකක්වත් කළේ නෑ. මේක හැමදාම වෘත්තීය සමිති, හාම්පුතුන් එක්ක කේවල් කරලා කරපු වැඩක්. නමුත් වෘත්තීය සමිතිවලට ඒ බලය නෑ. ඉතිහාසයේ පළමුවතාවට ආණ්ඩුව එය ප්‍රශ්නයක් විදිහට භාරගෙන වතු හාම්පුතුන් එක්ක කේවල් කරලා සාකච්ජා කරලා තමයි මෙතනට ඇවිත් තියෙන්නේ. එහෙම කළාට පස්සේ සමහර මන්ත්‍රීවරු ඇයි 200 දෙන්නේ කියල අහනවා. මේකේ තියෙනවා ජාතිවාදී පැත්තක්. කවුරුත් ගොවියට පොහොර සහනාධාරය දෙද්දී ඕක අහන්නේ නෑ. ධීවරයාට ඉන්ධන සහනාධාරය දෙද්දී ඕක අහන්නේ නෑ. එහෙම කරන්න එපා. මේක අපි හැමෝම සතුටු වෙන්න ඕන දෙයක්. විශේෂයෙන් වතු කම්කරු ජනතාව කියන්නේ දිගින් දිගටම අපිට ජන්දය දීපු මිනිස්සු නෙවෙයි. ඔවුන් ඔය කොළ පාටට ජන්දේ දීපු මිනිස්සු. අන්තිමට තියපු ජන්දේ අපිට දීලා ඇති. හැබැයි මේකෙන් සතුටු වෙන්න ඕනේ ඔබතුමන්ලා. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලනවා මේක පිළිගන්න.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව ෂැංහයි...

නවදිල්ලියේ පිපිරීම් මාලාවක සැලසුමක් ගැන අනාවරණයක්?

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල පසුගිය 10...

ලාංකේය විනිසුරුවන් තිදෙනකොට ජාත්‍යන්තර වරම්

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: සුගතදාස ගෘහස්‍ත ක්‍රීඩාංගණයේදී පැවැත්...

වැඩි ඡන්දයෙන් සම්මත වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ජාතික ජන බලවේගය...