වැඩට එන්න ඉන්ධන නොදෙනවා නම් අද 10 සිට සේවයෙන් ඉවත් වෙනවා – ලංගම වෘත්තීය සමිති

Date:

සිය සේවකයින්ට සේවයට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් අද (08) පෙරවරු 10.00 සිට සියලුම සේවකයින් සේවයෙන් ඉවත්වන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි.

එමෙන්ම ලංගම ඩිපෝවලින් ඉන්ධන නිකුත් කිරීම ද ගිලන් රථ වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ලංගම සේවකයින් අළුයම 04.00 ට පමණ සේවයට වාර්තා කළයුතු අතර සේවය නිමවීමට රාත්‍රී 11 – 12 වන බැවින් ඔවුන්ට සිය යතුරුපැදි හෝ ත්‍රීරෝද රථ වැනි වාහනවලින් සේවයට පැමිණීමට සහ ආපසු යෑමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙස පාලකයින් ඉල්ලීම් කර ඇති අතර ඔවුන්ට ඉන්ධන ලබාදෙන බවට පාලකයින් ලිඛිතව දැනුම් දෙන්නේ නම් පමණක් ඒ මොහොතේ සිට සේවා කටයුතුවල නියැළෙන බවත් ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සමිතියේ සභාපති නුරාජිත් සිං මහතා සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...