රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW :
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, එළඹෙන 2026 වසර තුළදී පාසල් විභාග පැවැත්වෙන දින සම්බන්ධවයි
ඒ අනුව 2025 වසරට අදාළව පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන වසරේ පෙබරවාරි 17 වැනිදා සිට පෙබරවාරි 26 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.
2026 වසරේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ එළඹෙන වසරේ අගෝස්තු 09 වැනිදායි.
උසස් පෙළ විභාගය 2026 වසරේ අගෝස්තු 10 වැනිදා සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වාත් පැවැත්වීමට තීරණය කර ඇත..
එමෙන්ම 2027 උසස් පෙළ විභාගයට පළමුවරට පෙනී සිටින සිසුන් සඳහා නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2026 ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ, 2026 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගය 2026 දෙසැම්බර් 08වනදා සිට දෙසැම්බර් 17වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
