අපි මේ සියල්ල කරන්නෙ ජනතාව වෙනුවෙන් – නාමල්

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW :

කිසිවකු රජ කරවන්න කරන විරෝධතාවයක් නොවන බවත්, ජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ පොරොන්දු ඉටු කරවා ගන්නා රැලියක් බවත් 21 වනදා පැවැත්වීවීමට නියමිතව ඇති රැළිය පිළිබදව පා.ම. නාමල් රාජපක්ෂ මහතා කියා සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද රජය රාජ්‍ය සේවකයින්ට එරෙහිව දැඩි මර්දනයක නිරත වන බවට චෝදනා කළේය. මෙම කාල පරිච්ඡේදය අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් ලෙසද ඔහු පැවසිය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වැඳ පුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොලිසිය “සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇති” බවත්, ජාතික ආරක්ෂාව බිඳවැටී ඇතිබවත් ඔහු පවසීය.

රජය විසින් පනවා ඇති අධික බදු බර හේතුවෙන් මහජනතාව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව ද ඔහු සඳහන් කළේය.

අසාධාරණයට ලක්ව ඇති බව හැඟෙන සියලු දෙනාගෙන්ම නොවැම්බර් 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත පක්ෂයේ රැලියට සහභාගී වන ලෙස ඉල්ලා සිටින බව නාමල්‍ රාජපක්ෂ පැවසීය.

මෙය කවුරුවත් රජ කරන්න කරන විරෝධතාවයක් නොව ජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ පොරොන්දු ඉටු කරවා ගන්නා විරෝධතා රැලියක් බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...