දඟපන්දු බලඇණියටම ටෙස්ට් වරම් ලබාදෙමින් ශ්‍රී ලංකාව පිටියට බසී – ටොස් එක කැන්ගරුවන්ට

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ. කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

පළමු තරගය ජයගෙන තරගාවලියේ ඉදිරියෙන් සිටින සංචාරක ඔස්ට්‍රේලියානුවන් එම කණ්ඩායමම දෙවැනි ටෙස්ට් තරගයටද නම්කර තිබෙනවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව පිටියට බසින්නේ වෙනස්කම් හතරක්ද සමගිනි. ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම කොවිඩ් ආසාදනය වී සිටින බැවින් හා පළමු තරගයට ක්‍රීඩා කළ පන්දු යවන්නන් ප්‍රමාණවත් දස්කම් දැක්වීමට අසමත් වීම නිසා රමේෂ් මෙන්ඩිස් හැර සෙසු පන්දු යවන්නන් සියලු දෙනාම වෙනස් කර තිබෙනවා.

විශේෂත්වය වන්නේ දඟපන්දු යවන්නන් තිදෙනෙකුම අද ටෙස්ට් වරම් දිනා ගැනීමයි. දෑතින්ම පන්දු යැවිය හැකි දකුණත් පිටදඟ පන්දු යවන්නෙකු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන කමිඳු මෙන්ඩිස්, දකුණත් පිටදඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ, දකුණතින් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය අද සිය කුළුඳුල් ටෙස්ට් තරගයට සහභාගි වේ. කණ්ඩායමේ සිටින අත්දැකීම් සහිත එකම දඟපන්දු යවන්නා වන රමේෂ් මෙන්ඩිස්ට සිය සහායක පන්දු යවන්නන්ද හසුරුවා ගනිමින් තරගය ජයග්‍රහණය කර තරගාවලිය සම කිරීමේ වගකීම හිමි වේ.

කණ්ඩායමේ සිටින එකම වේගපන්දු යවන්නා කසුන් රාජිතයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...