නිකරගුවාව තෙරේසා මවුතුමියගේ කන්‍යා සොයුරියන් නෙරපා හරියි

Date:

මිෂනාරීස් ඔෆ් චැරිටි 1988 සිට නිකරගුවාවේ ක්‍රියාත්මක වන සමාජ සේවා අයතනයකි. රාජ්‍ය නොවන සංවිධාන අධීක්‍ෂණය කරන රජයේ දෙපාර්තුමේන්තුවක් විසින් රාජ්‍ය වගකීම් ඉටු නොකරයි යන චෝදනාව මත නීත්‍යානුකූල තත්ත්වය ඉවත් කිරීමෙන් පසුවය එහි කණ්‍යා සෙයෙුරියන් 18 දෙනෙකු මෙලෙස පොලිසිය විසින් දේශසීමා වෙත රැගෙන ගොස් අසල්වැසි කොස්ටාරිකාවට නෙරපා හැර ඇත. වතිකානුව විසින් මෙය අතිශය අසාධාරණ ඒක පාර්ශවීය පියවරක් බවට හෙලා දැක ඇත.

76 හැවිරිදි ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගාට විරුද්ධ යැයි සැලකෙන ඕනෑම කෙනෙකුට මර්දනය කිරීමේ කොටසක් වශයෙන් මෙය හැඳින්වේ. 2018 වසරේ සිට නිකරගුවාවේ සංවිධාන 200කට අධික සංඛ්‍යාවක් මෙලෙස වසා දමා ඇත. මිෂනාරීස් ඔෆ් චැරිටි ආයතනයට අමතරව සුප්‍රසිද්ධ නිකරගුවානු භාෂා ඇකඩමිය ආදියද වේ.

2018 දී ආණ්ඩු විරෝධී විරෝධතා රැල්ලක් අතරතුර ජනාධිපති ඔර්ටෙගාට එරෙහිව විරෝධතා දැක්වූ සිසුන්ට පූජකයන් නවාතැන් දුන් දා සිට ඩැනියෙල් ඔර්ටේගාගේ රජය සහ කතෝලික පල්ලිය අතර හොඳ හිත පළුදු විය. ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම කතෝලික පූජකයන් කුමන්ත්‍රණ කරන යක්ෂයන් වශයෙන් හඳුන්වා තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ.

මිෂනාරීස් ඔෆ් චැරිටි කතෝලික පල්ලිය නිකරගුවාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන විවෘතව කතා කර ඇත. නිකරගුවාවේ දුප්පතුන් සමඟ සේවය කර ඇති අතර ළමා පිළිබඳ විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කර ඇත. අපයෝජනයට ලක් වූ සහ අතහැර දැමූ ගැහැණු ළමයින් සඳහා නිවාසයක් සහ සාත්තු නිවාසයක් පවත්වාගෙන යමින් විශාල සමාජ සත්කාරයක් කරනු ලැබූ ආායතනයක් වශයෙන් මෙය හඳුනා ගැනේ.

SM-OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...