විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින් ඉදිරියට කඳුකරයේ දමිළ ජනතාව අතර දේශපාලනය කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා පවසයි.

“හිටපු නායකයෝ විදේශ සංචාර ගියා රජයේ මුදල්වලින්. තවත් සමහර අය අම්මා තාත්තා සිහිකරන්න කුලුනු ගැහුවා. ඒ ඔක්කොම අපේ බදු. නමුත් අර අහිංසක වතු ජනතාවට රුපියල් 400ක වැටුපක් වැඩිකරනකොට ඒකට රුපියල් 200ක් රජයෙන් දරණකොට විරුද්ධ වුණා. රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට නායකත්වය හරහා ලැබුණු ප්‍රොජෙක්ට් එක තමයි මේක නවත්වන්න. මොකද ඒගොල්ලන්ට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ. මොකද ඒගොල්ලො මේ වැටුප් ප්‍රශ්නය විසඳුවේ නෑ”

රවීන්ද්‍ර බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (16) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...