කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ කාරණය පාදක කරගෙන ජාතිවාදය ඇවිස්සීමෙන් වළකින ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යන් රාසමානික්කම් මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ඒ සම්බන්ධයෙන් තමන් විපක්ෂ නායක සහිත ප්‍රේමදස, මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ වහාම එම කාරණය පදනම් කරගනිමින් ජාතිවාදී ඇවිස්සීමක් නොකරන ලෙස යැයි රසමානික්කම් මහතා පැවසුවේය.
21 වැනිදා පැවැත්වෙන විපක්ෂයේ රැළියට ජනතාව ගෙන්වා ගැනීම සඳහා එලෙස කටයුතු නොකරන ලෙසත් නීතිවිරෝධී ක්‍රියා සඳහා දේශපාලනික අත පෙවීම් සිදුනොකළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.
”විපක්ෂ නායකතුමා ඇතුළුව මම කිව්වා නීතිවිරෝධී දේවල්වලට දේශපාලනය නිසා අතදාන්න එපා. වැරදියි නම් වැරදියි කියල කියන්න. මේක නීත්‍යානුකූලව හදන පන්සලක් නම් ඒකට අවශ්‍ය ඩොකියුමන්ට් තියෙනවා නම් ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් හමුවෙලා කරන්න. මොකද ඉරිදා උදේ නිවාඩු දවසක ඇවිල්ලා මුල්ගල් තියල ඉරිදා රෑ වෙනකොට හදල රෑ 09.30ට පිළිමයක් වඩම්ම්නවා කියන කාරණයේදීම තේරෙන්නේ නැද්ද මේකේ යම් කාරණයක් තියෙනවා කියල. මම නම් හිතන්නේ නොවැම්බර් 21 රැස්වීමට පෙර සූදානමට තමයි මේක කළේ. නාමල් රාජපක්ෂ මැතිතුමා මෙතන නැහැ. නමුත් නොවැම්බර් 21 රැස්වීමට සෙනග ගේන්න වෙන කාරණා කරන්න. ජාතිවාදය මේ රටේ වපුරන්න එපා නීති විරෝධී දේවල් කරලා.” යනුවෙන් මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදී.
ආශිකා බ්‍රාහ්මණ
