ඉරානය සමග තේ වලට තෙල් හුවමාරු කර ගැනීම ගැන ජනපති සොයා බලයි

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට ඉරාන තානාපති හෂෙම් අෂ්ජාසාදේ මහතා අතර සාකච්ඡාවක් අද කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. වෙළඳ හා ආයෝජන ක්ෂ්ත්‍රවල ද්විපාර්ශ්ව සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාවෙන් ඉරානයට තේ අපනයනය කර තේ වෙනුවට තෙල් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.

මේ අතර ඉරාන ආධාර යටතේ ඉදිවන උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, ඉරාන තානාපතිවරයා දැනුවත් කර ඇති අතර මෙගාවොට් 120 ක ධාරිතාවයකින් යුක්ත මෙම ව්‍යාපෘතියේ වැඩ කඩිනමින් අවසන් කිරීම සඳහා ඉරානය ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ස්තුතිය පුදකර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...

“සෙවණැලි 63 ක් ඔබ පසුපස එනු ඇත”මැසිඩෝනියාවේ විරෝධතාකරුවන් දහස් යුක්තිය ඉල්ලා වීදි බසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාර්තු...

වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මෙම වසරේ ජනවාරි...

විදෙස් සංචාරකයන්ට ලංකාව එපා කරවන මෙවැන්නන් සොයා ගැනීමට පොලීසියට සහය වෙමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : පසුගියදා , ...