තැපෑලට වෙනසක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW :

අද (18) දින ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට නවක රියදුරන් 36 දෙනෙකු බඳවා ගැනීම සිදු කෙරෙන බව සඳහන් වේ.

අද  (18) පස්වරු 2.00 ට නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 සදහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ III වන ශ්‍රේණියේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 40 සම්පූර්ණ කිරීම සඳහා පසුගිය ජුනි මාසයේ නිකුත්කරන ලද ගැසට් පත්‍රයට අනූව අයදුම්පත් 1500කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ලැබී තිබූ බව පැවසේ.

එම අයදුම්කරුවන් ප්‍රායෝගික පරීක්ෂණයකට සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට යොමුකර ඊට අඳාළ සුදුසුකම් නිසි අයුරින් සම්පූර්ණ කළ 36 දෙනෙකු සඳහා මෙම පත්වීම් ලිපි ලබා දීමට නියමිතව ඇත.

මෙම නවක තැපැල් රියදුරුමහතුන් හට අද  (18) සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම් ලිපි ලබා දෙන අතර 19-20 යන දෙදින පැවැත්වෙන විශේෂ සේවාස්ථ පුහුණුවෙන් පසු ඔවුන් තැපැල් ප්‍රවාහන අංශයට අනුයුක්ත කෙරෙනු ඇති.

මේවන විට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව යටතේ තැපැල් රියදුරුමහතුන් 129 කට ආසන්න ප්‍රමාණයක් සේවය කරනු ලබයි.

පසුගිය වර්ෂ කිහිපය තුළ එම දෙපාර්තුමේන්තුවේ කිසිදු තනතුරකට බඳවා ගැනීම් සිදුකිරීමට පැවති රජයන් පියවර ගෙන නොමැති අතර, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එම දෙපාර්තුමේන්තුවේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බවද සඳහන් වේ

එම විශේෂ වැඩපිළිවෙලට සමගාමීව මෙම පත්වීම් ලබා දීම සඳහා ද පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...