ජනාධිපති මන්දිරය ඉදිරිපිට අන්තරය කඳවුරු බඳියි! (VIDEO)

Date:

ඇඳිරි නීතිය බල්ලට දමා හෙට දිනයේදී කොළඹට පැමිණෙන ලෙස ජනතාවට පවසා සිටින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කරයි.

එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කරන්නේ මෙම අරගලය ජයග්‍රහණය කරවීම සඳහා ජනතාවට මැදිහත්වන ලෙසයි.

එමෙන්ම සැඟවී සිටින තැනකින් හෙට දිනය වන විට ඉල්ලා අස්වෙන ලෙසයි ඔහු ජනාධිපතිවරයාට අවධාරණය කළේ.

”ආණ්ඩුව පන්නමු ක්‍රමය පෙරළමු” යන මැයෙන් අද (08) කැලණිය විශ්ව විද්‍යායේ සිට කොළඹට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනින් පැමිණි අතර කොටුව ජනාධිපති මන්දිරයට පිවිසුම් මාර්ගය ඇති ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසලදී ඔවුන්ට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලදී.

කෙසේවෙතත් මේ වන විට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසල අද රැය පහන් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් වැස්ස: ප්‍රදේශ කීපයකට තද සුළං(2025.06.21 කාළගුණය)

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : බස්නාහිර, සබරගමුව සහ...

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...