ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් 13 දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයේ අයින් එල්-හිල්වේහි පලස්තීන සරණාගත කඳවුරකට එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් අවම වශයෙන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායලය සඳහන් කර තිබුණේ, සරණාගත කඳවුරේ පුහුණු සංකීර්ණයක ක්‍රියාත්මක වූ පලස්තීන සන්නද්ධ කණ්ඩායමක් වන හමාස් සාමාජිකයින්ට පහර දුන් බවයි. මෙම ඊශ්‍රායලයේ ප්‍රකාශය හමාස් ප්‍රතික්ෂේප කරමින් එය “ගොතන ලද එකක්” ලෙස සඳහන් කර ඇති අතර ලෙබනනයේ සරණාගත කඳවුරුවල පුහුණු පහසුකම් නොමැති බව අවධාරණය කර ඇත.

හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු 2023 ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයට එරෙහිව ඊශ්‍රායලය යුද්ධය දියත් කිරීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත් අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ලෙබනනයට ෂෙල් වෙඩි ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර එල්ල කරමින් ප්‍රතිචාර දැක්වීමත් සමඟ දෙපාර්ශ්වයම ගැටුමකට පැටලුණු අතර එය 2024 සැප්තැම්බර් අග දී එය පූර්ණ යුද්ධයක් දක්වා වර්ධනය විය.

ඊශ්‍රායලයේ යුද්ධයෙන් ලෙබනනයේ සිවිල් වැඩියන් ඇතුළුව 4,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ඊශ්‍රායලයේ ද සොල්දාදුවන් 80 ක් ද ඇතුළුව පුද්ගලයින් 127 දෙනෙකු මිය ගොස් ඇත.

2024 නොවැම්බර් අග දී එක්සත් ජනපදයේ මැදිහත් වූ සටන් විරාමයකින් යුද්ධය නතර වූ නමුත් එතැන් සිට, හිස්බුල්ලා සංවිධානය තම හැකියාවන් නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ කරන බවට චෝදනා කරමින් ඊශ්‍රායලය ලෙබනනයට ගුවන් ප්‍රහාර නැවත නැවත එල්ල කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...

සුජාන්ගේ හිස් තැනට තායිලන්තයෙන් ගෝල හතරක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ තායිලන්තය...