සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ධවළ මන්දිර සංචාරයේදී 2018 දී සෞදි පාලනය විසින් වොෂින්ටන් පෝස්ට්හි තීරු රචක ජමාල් කෂෝගි ඝාතනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශනයක් ජනාධිපති ට්‍රම්ප් විසින් දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්නය ඉදිරිපත් කළ ABC නාලිකාවේ විකාශන බලපත්‍රය අහිමි කළ යුතු බවට ජනාධිපති ට්‍රම්ප් තර්ජනය කර තිබු අතර මොහොමඩ් බින් සල්මාන් කුමරු කිසිවක් දැන නොසිටි බව අවධාරණය කර තිබිණි.

2018 ඔක්තෝබර් 2වන දින සෞදි රාජ්‍ය ක්‍රියාකාරීන් විසින් ඉස්තාන්බුල්හිදී කෂෝගි ඝාතනය කර කැබලිවලට කපා දමා තිබු අතර එක්සත් ජනපද බුද්ධි අංශ විසින් කුමාරයා ඝාතනයට නියෝග කළ බවට විධිමත් තක්සේරුවක් කර තිබිණි.

කෙසේ නමුත්, මේ සමබන්ධයෙන් මොහොමඩ් කුමරු ප්‍රකාශ කර තිබුණේ, එය වේදනාකාරී බවත්, එය විශාල වැරැද්දක්බවත්, මෙය නැවත සිදු නොවීමට අපි අපේ උපරිමය කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...