එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

Date:

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට පත්වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නොමැති බව චීනය පවසනවා.

එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා ඊයේ (18) ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ප්‍රශ්නය පිළිබඳ පූර්ණ සැසියේදී මේ බව ප්‍රකාශ කළා.

පසුගිය දා ජපාන අගමැතිනි Sanae Takaichi චීනයේ තායිවාන ප්‍රදේශය හා සම්බන්ධ ව සිදු කළ ප්‍රකෝපකාරී ප්‍රකාශ අතිශයින්ම වැරදි සහ භයානක බව Fu Cong මහතා එහිදී පැවසුවා. චීනයේ අභ්‍යන්තර කටයුතුවලට සිදු කරන දැඩි මැදිහත්වීමක් පමණක් නොව, එකම චීනය මූලධර්මය මෙන්ම චීන-ජපාන දේශපාලන ලේඛන හතර දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව ද චීනය පවසනවා.

එය ජාත්‍යන්තර යුක්තියට සිදු කළ තර්ජනයක් පමණක් නොව පශ්චාත් දෙවන ලෝක යුධ ජාත්‍යන්තර පටිපාටිය ද විනාශ කරන ප්‍රකාශයන් බව හෙතෙම සඳහන් කළා. එමෙන්ම සාම ගමනේ ඉදිරියට යාම පිළිබඳ ජපානය ලබා දුන් ප්‍රතිඥාවන්ද විවෘත ලෙස බිඳ දැමීමක්. එවැනි රටකට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත්වීමට සුදුසුකමක් නොමැති බව ඔහු අවධාරණය කළා.

තායිවාන සමුද්‍ර සන්ධි දෙපස තත්ත්වයට ජපානය යුදමය මැදිහත්වීමක් සිදු කළහොත් එය ආක්‍රමණශීලී ක්‍රියාවක් වනු ඇති අතර ‍ඊට චීනයේ දරුණු ප්‍රතිප්‍රහාර නිසැක බවද Fu Cong මහතා පැවසුවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...